IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර රන්දෝලි මහ පෙරහර අද

(ජේ.එල්.එල්. ජයසිංහ සහ චමිල් රූපසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07) නිකිණි පෝදින වීදි සංචාරය කරයි.

අද රාත්‍රි 7.53 ට යෙදෙන සුබ මොහොතින් දකුණ දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත්වෙන පෙරහර දළදා වීදිය කන්දෙ වීදිය (හිල් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

ඉන් අනතුරුව හෙට (08)  අලුයම 1.15 ට දකුණු දිශාමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිවුදේවාල පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මළුව) සිරිත් පරිදි එහි තැන්පත් කර සිවුදේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසුව ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා ඉටු කිරීමට නියමිතය.

ගැටඹේ තොටේ දියකැපීමෙන් අනතුරුව එහි රැස්ව සිටින සියලු දෙනාට මුළුතැන් බත් කිරිබත් ආදියෙන් සංග්‍රහයක් පවත්වනු ලැබේ.

දහවල් පෙරහර හෙට (08) දහවල් 12.40 ට ගණදෙවි කෝවිලෙන් පිටත්වී කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්ද වීදිය, ඔස්සේ ඩී.ඇස්. සේනානායක වීදියේ මංසන්දියට පැමිණ පස්වරු 2.45ට උතුර දිශාභිමුඛව (ආදාහන මලුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර කැටුව ඩී.ඇස්. සේනානායක වීදිය පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 4.35ට උතුර බලා දළදා මාලිගාවට ගෙවදී.

 



අදහස් (0)

මහනුවර රන්දෝලි මහ පෙරහර අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site