(චමිල් රුපසිංහ)
මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrhosis) රෝගී තත්ත්වය හා අක්මා පිළිකාවට බදුන්වූවන්ගේ ජිවිත බේරා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබුණු නමුත් මහනුවර මහ රෝහල සිදුකළ විශ්මිත සැත්කමින් පසු රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසිය.
අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනයවී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේදී පැය තිහක පමණ කාලයකදී මෙම සම්පූර්ණ බද්ධ කිරීම සිදුව ඇති අතර මේ වන විට සැත්කමට බදුන්වූ රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සැත්කම සාර්ථක කර ගැනීමට රෝහල් කාර්යමණ්ඩලය ලැබුනු සහයෝගය නිසා සැත්කම සාර්ථක කර ගැනීමට හැකි වූ බවද වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
තරුණයාගේ අක්මාව පරිත්‍යාග කිරීමට ඥාතීන් එකගවූ බවත් ඒ අනුව අක්මා රෝගයට පත්ව වසර 20 කාලයක් පීඩා විදි රෝගියාට මෙම සැත්කම කිරීමට අවස්ථාව ලැබුණු බව මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
සතියකට අක්මා රෝගීන් තිදෙනෙකු පමණ සැත්කම්වලට බදුන් කළ යුතු අතර මේ වන විට ඔවුන් ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට ගොස් රුපියල් මිලියන දහයකට අධික මුදල් ගෙවා සැත්කම් කර ගන්නා බවත් ඇතැම් අවස්ථාවල මිලියන විසිපහක වැනි මුදලක් ගෙවා සැත්කම් සිදුකිරීමට සිදුව ඇතැයි ද වෛද්‍යවරු පවසති.
දැනට අක්මා බද්ධ කිරීමේ සැත්කම් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල ආදිය තුළ සිදුකරන අතර ඒ අනුව මහනුවර මහ රෝහලේ ද ඉදිරියේදී සැත්කම් ආරම්භ කිරීමට නියමිත බවත් මහනුවර මහ රෝහල අඩු පහසුකම් යටතේ විශිෂ්ඨ දස්කම් රැසක් වාර්තාකළ රෝහලක් වන බවත් අක්මා බද්ධ කිරීමේ කාර්යය ඉදිරියට සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි ද මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා කීවේය.




COMMENTS
ඇත්තෙන්ම මෙම පිරිස අගයකලයුතුයි. වර්ජනය නොකර මෙවන් ක්‍රියා තුලින් තම හැකියාව පෙන්වා එමගින් ශල්‍යකර්ම සදහා පිටරට යන ප්‍රතිශතය අවම කිරීමක් සිදුකල හැක. මේ නිසා රටේ මුදල් රටේම රදවා ගත හැක. ඔබ සියලුදෙනා හට ජයෙන් ජයම වේවා.
සුපිරි වැඩක්, අපේ සුබ පැතුම් දායක උන හැමදෙනාටම....
මේ වගේ දෙවිවරු අර හොර වර්ජනක දොස්තරයලට හොද ආදර්ශයක්. මේවා බලලවත් හැදියවූ. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බරකන සල්ලි වලින් විශ්ව විද්‍යාලවලට ගිහින් නිකන් ඉගෙනගෙන ඉගෙනගත්ත දේවල් අයෙත් අහිංසක මිනිස්සුන්ට දෙන්න සල්ලි ඉල්ලන කාලකන්නි දොස්තරයලට මේ දොස්තරහ මහත්වරු පෙන්නන ආදර්ශය හොදටම ඇති. ඔබ තුමන්ලාට නිදොක් නිරෝගී සුවය පතන අතරේම මෙවැනි සැත්කම් මගින් අහිංසක මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරු කරගෙන ඔවුන්ගේ ජිවිතත් බේරන්න ඉදිරියටත් මෙවැනි විශ්මිත දේවල් කරන්න දේව ආශීර්වාදය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමි.
සුභ පතනවා අක්මා බද්ධය සිදු කිරිමට දායක වු සියලුම වෛද්‍ය කාර්ය මංඩලයට .මේ අක්මා බද්ධයක් සදහා මේ වන විට ඉන්දියාවේ රුපියල් ලක්ෂ 100 ක් පමන වැය වන කටයුත්තක් .ඒ නිසා අපේ බළධාරින් මේ ශල්‍ය කර්ම සදහා අවශෂ්‍ය සියලුම පහසුකම් මේ වෛද්‍ය කාර්ය මංඩලයට ලබා දෙනවා නම් ඉතා වැදගත් . මන්ද මේ වන විට අක්මා බද්ධ කර ගැනිමට මුදල් නොමැතිව දුක් විදින විශාල රෝගින් පිරිසකට මෙය අස්වැසිල්ලක් වනු නියතයි .