(අංජුල මහීක වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සියලුම ජනාධිපතිවරුන්ගේ නමින් ගම්මාන ඉදිකිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද ඉදිරියේදී ගම්මානයක් ඉදිවනු ඇති බවද සඳහන් කළේය.
ජාතියේ පියා වන මහාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාගේ නමින් මේ වන විට ගම්මානයක් ඉදිකර තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
නම ගහලා මිනිසුන්ට මතක්කරවන්ඩ තරම් අපිට ඔහුව අමතක නෑ
තමන්ගේ පියාගේ නමින් ගම්මානයක් ඉදිකලානම් හොද නැත්ද ?
හොද අදහසක්. එතුමා මේ රටට විශිෂ්ට සේවයක් කල අයෙක්.
මහා රජ මහින්ද රාජපක්ෂ උදා නොකළ උදාගම්මානය කියලා නම දැම්මා නම් හරි.
දැන් ඔය ගම්මානය හදන්නේ බෙලිඅත්තේ ද? කුරුණෑගලද?
මහින්දටත් ගෙයක් දෙන්න, එතකොට නාමල්ට?
උස නම් සිකුරිටි මිටිනම් කම්කරු. ලංකාවේ ජනතාව දෙස දේශප්‍රේමි, ජනතාප්‍රේමි නායකයෙක් බලපු විදිය තමයි ඉහත දැක්වෙන්නේ.
ඉතාමත් හොඳයි. පක්ෂ පාට නොබලා හොඳ දේ කරන්න.
අර්ජුන මහේන්ද්‍රන්ගේ නම නැද්ද එයත් රටට ලොකු සේවයක් කලානෙ..ඔයත් ගාන කපාගත්ත කියලයි ආරංචිය.
එහෙම නොකර කොහොමද
ගරු කල යුත්තන්ට ගරු කරන්න පුරුදු වෙන්න පාට කන්නාඩි ගලවලා.
ඔව් ඔව් කලයුතුයි. මොකද යුද්දය හමාර කලේ නැතිනම් මොන ගම්උදාද එහෙනම් ඉදීකරන්න වෙන්නේ සොහොන්. ඔබ ඒ යුතුකම ඉටු කරන්න.
කාලයක් යන කොට හැමදේම අමතක වෙන රටේ නම් දැම්මට වැඩක් නැහැ. අනිත් එක අලුත් පරපුර දන්නේ නැහැ ඒ පුද්ගලයන් කව්ද මොකටද ඔහු ප්‍රසිද්ද වුනේ කියලා. අහලා බලන්න නුතන සමාජයේ ළමයෙක්ගෙන් පරණ නමක් කියලා ඔහුව දන්නවද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් තත්වය. මේ නම් ඇතුලත් විය යුත්තේ එදිනෙදා පරිශීලනය වන පාසල් පොත් වල. නැතුව නිකන් නාම පුවරු මත නෙමයි. සාම අමර කිව්වම කාටත් මතකයි තමන් භාවිතා කල පොත් වල තිබුන කියලා. එතකොට තමන්ගේ මතකයට එනවා ඔක්කොම.
"මහා රජ මහින්ද රාජපක්ෂ උදා නොකළ උදාගම්මානය කියලා නම දැම්මා නම් හරි ලු ." ගුණමකු කමයි කුහක කමයි අහස උසට. යුද්ධ කාලේ ඇඳන්යට රිංගාගෙන ඉඳල දැන් එලියට ඇවිත් මුහුදට ආවඩනවා.