(අමල් වික්‍රමරත්න)
මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි.
“පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැයිස්තු දෙකක් නෑ.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගෙන් එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒකාබද්ධය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවිලා ගිය කොටසක්.අපි දෙගොල්ල එකතුවෙලා එක ලැයිස්තුවකින් මැතිවරණයට එනවා“
ඒ මහතා මේ බව පැවසුවේ අද (21) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“අපි දෙගොල්ල එක ලැයිස්තුවකින් ඇවිල්ලා රටේ ප්‍රාදේශීය සභා සියල්ල ජයග්‍රහණය කරනවා.කවුරු හරි කියනවානම් ඒක බොරු කියල ඕන ඔට්ටුවකට මම ලෑස්තියි.අපි කැපවෙලා කටයුතු කරනවා.අපි ආරාධනා කරනවා අද ඉඳලා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා හදන්න අපිට අමාරු නෑ.දෙපැත්තට බෙදිලා ගියපු අපේ කණ්ඩායම් දෙක එක කණ්ඩායමක් විදියට ඒකරාශී කරන ඵෙතිහාසික මොහොත අද එළැඹිලා.කෙටි කාලයක් මත ගැටුම් තිබුණට අද ඒවා අවසන් කරලා අපි ලෑස්තියි තනි ලැයිස්තුවකින් තරග කරන්න.පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා
අපි පැහැදිලිවම එක අම්මගේ දරුවෝ. නිදහස් පක්ෂය රැකගැනීමටයි අපිට අවශ්‍ය.අපි දෙගොල්ලන්ටම තනි තනිව ගමනක් නෑ.මහින්ද රාජපක්ෂ මහතා නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාළුයි.ඒක දෙගොල්ලන්ම තේරුම් අරන් තියෙනවා.අසරණ පළාත් පාලන අපේක්ෂකයින් බිල්ලට දෙන්නේ නැතුව ඔවුන්ව ජයග්‍රහණය කරවන්න කටයුතු කරමු.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කොහෙද අනේ මෙච්චර කල් හිටියේ?
මහින්ද මහතාගේ ණය කාරයෝ.. ඇත්ත තමයි මෙයාලට මහින්ද නැතුව ගැලවීමක් නැහැ.
ඩීල් එකක් ගහන්නයි බලන්නේ.... හා හා බලාගෙනයි.
එසේ නම් පොහොට්ටුවට කුමක් වේද?
එක ලැයිස්තුවේ තමයි හිටියේ, මේ අයනේ ගිහිල්ලා අලියාගේ වල්ගේ එල්ලුණේ...
පසුගිය ඡන්දේදිත් අපි බලාපොරොත්තු වුණේ මහින්ද මහත්තයා වෙනම පක්ෂයකින් ඉල්ලාවි කියලා එහෙම නොකරපු එකෙන් වුණුදේ පැහැදිලිව තියෙද්දී නැවත නිකමුන් එක්ක මොනවට එකතුවෙනවද?
හෙට්ටිගම මහතා කියනවා නම් අපි ඔන්න ඔහේ විශ්වාස කරමු. මොකද මොලේ අමාරුවක් නැහැ කියලා මෙඩිකල් ටෙස්ට් එකෙනුත් පාස් වුණානේ... එතකොට දැන් ඔය කතාව කිව්වේ අර වෙලාවකදීද?
කවුරු එකතු වුණත් රට දියුණු වෙන්නේ නැත. ඔය පක්ෂ දෙක තියනකම් රට හැදෙන්නේ නෑ... අපිට විප්ලවයක් ඕනෑ.
අර අහිංසකයෝ ගොඩක් එක්ක හිටපු බඩා නේද මේ? ලැජ්ජාවක් නැතුව පම්පෝරි ගහන හැටි විතරක්...
බීමතින් හෝටල් කාමරයක් තුළ නටන ඡායාරූප අන්තර්ජාලයේ තිබෙනවා.
අපහාසයක් එහෙම නෙමෙයි. නමුත් මෙතුමාට යම්කිසි ප්‍රතිකාරයක් සඳහා වෙද්‍ය නිර්දේශයක්, අධිකරණය මගින් ඉදිරිපත් කලබව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වුණා නේද? ඉතින් එහෙම අය රජයේ ඇමති කමක් නොව සාමාන්‍ය පියන් රස්සාවක්වත් කරන්නේ කොහොමද?
"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබුනත් මදි" කියලා කියමනක් තියෙනවා. මෙයාගේ ඇඟ තිබුණට මොලේ නැහැ. නැතිනම් මේ විකාර කියවයිද?
ඕනෑම පුද්ගලයෙකුගේ වචනයකට අපි ගරු කරන්නේ හෝ නොකරන්නේ ඔහුගේ අතීතය දිහා බලලයි. ඒ කිව්වේ අතීත හැසිරීම මහත්මයකුගේ නම් අපි එයාට කන් දෙනවා. අතීත හැසිරීම පිස්සෙකුගේ නම් අපි ඒවාට හිනා වෙනවා.
එකට එකතුවුනේ නැත්නම් එක්කෙනෙකුට නම් වැලේ වැල් නැතුව යනවා.
ආප්ප කන්නද? පිට්ටු කන්නද?
මේ වගේ මිනිසුන්වත් පාර්ලිමේන්තු යවන්නත් අපේ රටේ බත් කන ගවරැලක් ඉන්නවනේ !!!
මම නම් මේ මහත්තය කියන එක විශ්වාස කරනවා. මොකද මොලේ අමාරුවක් නැහැ කියලා සහතිකයක් තියෙන්නේ මෙතුමාට විතරයිනේ.
මෙයාට නම් පිස්සු නෑ. හැබැයි ඡන්දෙ දෙන අයට නම් පිස්සු තමයි.