IMG-LOGO

මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල

විනීතා එම් ගමගේ

                                                          
ජනාධිපතිතුමන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 


2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා. අපි පැරදුනා නම් අඩි හයක් යට යැයි පැවසූ බවත් ඊයේ කථාවක දී මහින්දට හෙළිකොප්ටර් දුන්නේ කවුදැයි ගුවන් හමුදාපතිගෙන් ඇසුවා නම් කියාවි යැයි කී  බවත් මේ කථා දෙකම බොරු බවත් හෙතෙම කියා සිටියේය. 


2015 ජනවාරි 9 වැනිදා උදේ 9.30 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු  කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ එදින සවස 6.30 ට බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ඒ අනුව රාජපක්ෂ මහතාට රජයේ හෙලිකොප්ටරයක් රැගෙන ගෙදර ගිය බව සැබෑ නමුත් එය ගෙන ගියේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු විසින්ම බවත් පැවැසීය.


විධායක ජනාධිපතිට හෙළිකොප්ටරයෙන් ගමනක් යන්නට කාගෙන්වත් අවසර වුවමනා නොවන බව හෙළිකොප්ටර් වලින් සවාරි යන ජනාධිපතිතුමන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය. 


ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ මහින්ද රාජපක්ෂ මහතාට හෙළිකොප්ටර් දීම ගැන මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක් දැයි ලංකාදීප  කළ විමසීමක දීය.



අදහස් (18)

මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල

Saththaya Thursday, 31 May 2018 08:03 AM

මේ පිළිතුර නම් හරියට හරි .

:       246       250

tommy Thursday, 31 May 2018 09:58 AM

ගම්මන්පිල මොනව කිවවත්, ඇත්ත කතා කරොත් පහුගිය අවරුදු තුන තුල ලංකාවේ රාජ්‍ය නායකයින් හෙලිකෝප්ටර වලින් ගමන් කිරීම බෙහෙවින් අඩුවී ඇත.

:       569       497

Nuwan Thursday, 31 May 2018 10:40 AM

කලකට පස්සේ තර්කාන්විතව නියම කියමනක් කිවා, ඔබ හරි

:       235       246

Chandimal Thursday, 31 May 2018 12:13 PM

විශිෂ්ට පිළිතුරක් ...

:       45       209

senevi Thursday, 31 May 2018 10:27 PM

ඇයි මේ ඔබ තුමා හැම එකටම පනින්නේ ? තමන්ට කියල කිසිම වැඩක් නැද්ද ?

:       303       71

dingirala Thursday, 31 May 2018 11:33 PM

කවුරු කව්රුත් සිරිසේන මැතිතුමාට මතක් කරලා දෙන්න ඕනේ එතුමා මේ රටේ විධායක ජනාධිපති බව. එතුමා කියන සමහර දේවල් වලින් අපට තේරෙන්නේ එතුමා වෙනත් තනතුරක් දරන කෙනෙක් වගේ.

:       24       289

පත්තුව Monday, 04 June 2018 06:30 AM

රට එක්සේසත් කල ලෝකයම පිළිගත් නායකයාට හෙලිකොප්ටරයක් ගෙදර ගෙනියන්න දුන්නත් මොකද වෙන්නේ මේ මහ දවල් බැං'කු මංකොල්ලකාල හරි අපූරුවට ඉන්නේ

:       170       313

Sunil Monday, 04 June 2018 09:22 AM

අප දැක්ක හැටියට නම් ඒ හෙලිකොප්ටර් එකේ ගහලා තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියලයි. එ්ක මහින්දගේ එකක් කියලා දන්නේ අදයි. මෙයත් දන්න දේවල් !!

:       170       129

Siri Monday, 04 June 2018 10:23 AM

ඇත්තද? ඔයාද දුන්නේ හෙලිකොප්ටරය. එහෙනම් ඔහේගේ එක වෙන්න ඇති.

:       185       152

sulochana pieris Tuesday, 05 June 2018 10:06 AM

ඒ ගමනට මහින්ද මහත්තයා මුදල් ගෙවලා තියෙනවාද..?

:       287       167

Mahinda Friday, 08 June 2018 05:17 AM

එයාගේ එකකින්ම යන්න ඇත්තේ..........

:       40       21

ranjith Monday, 11 June 2018 11:23 PM

අනුන්ගේ කුණු හෝදන මෝඩ තකටීරුවෙක්

:       357       103

weera singha Wednesday, 13 June 2018 01:16 PM

මහින්ද පැරදුනේ ඇයි? එයාව ජනතාව ප්‍රතික්ෂේප කල නිසානේ. එහෙනම් මොකටද හෙලිකොප්ටර්?

:       382       39

Shan Wednesday, 20 June 2018 12:10 PM

පත්තුව, ඉන්න ගමකින්, ඔලුවට පත්තුවක් දාගෙනම එලියට ඇවිල්ල ලෝකය ගැන ටිකක් අධ්‍යනය කරන්න.

:       38       40

Sumudu Friday, 22 June 2018 01:55 AM

පැරදුනා නං මොකටද පඩි ගෙවන්නෙ කියලත් ඔබ අහයි......!

:       10       0

දර්මා Friday, 29 June 2018 04:25 PM

ජනාධිපතිට පිස්සු කියලා රටම දන්නවා එත් පර්ලිමෙන්න්තුවේ ඉන්න අයට මොළේ නැති හින්දා හරි රටට ආදරේ නැති හින්ද දෝශාභියෝගයක් ගේන්නේ නැහැ

:       11       5

Ananda Senanayake Sunday, 01 July 2018 01:46 AM

ඔය ගම්මන්පිල කියන ඒවා ගණන් ගන්න හොඳ නැහැ.

:       23       46

rohana Tuesday, 10 July 2018 10:47 PM

යුද්දය ඉවර කලේ මහින්ද නෙවෙයි සරත් ෆොන්සේකා.

:       13       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site