තරිඳු ජයවර්ධන
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද උදේ අලුත්ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
2014 වර්ෂයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන චෝදනාවට ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
මෙයාට ගියපු කලක්...
බලයේ සිටින කොට අපි සැම සිංහයොනේ.. බලයේ නැතිවිට අපි සැම නිවටයෝ නේ.. දැන් ඉන්න "හරකුන්ටත් " හොඳ හැටි පේනවානේ.. වැඩ කරපියවු ලක්මෑණිට වංක නොවී....
ආණ්ඩුව හැම වැඩක්ම කරන්නේ බොහොම පරක්කු වෙලා.
ඉතාමත් හොද ක්‍රියාවක් වැරදිකරුවන්ට වහාම දඩුවම් දෙන්න
ඉතාම හොඳයි. මේ තරම් පරක්කු වීම වැරැදියි. හොරු කවුද කියලා රටම දන්නවා. ඒත් නීතියේ ප්‍රමාදය නිසා රටම කලකිරුණා විතරක් නෙමෙයි. හොරුත් චණ්ඩියෝ වගේ හැසිරුණා.
අපිට මේ ගැන ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. "මෙයා කොහොමද මෙච්චර කල් එළියේ හිටියේ?". සමහර විට රෝයල් ගැන්සියේ නිසා වෙන්න ඇති.
මේවා දේශපාලන පලිගැනීම් මෙතුමා රටට සේවයක් කල අයෙක්, මොහුගේ ජනප්‍රියත්වයටයි මෙහෙම කරන්නේ. මෙතුමාගේ පළාත්වල අයගෙන් අහන්න මෙතුමා ගැන
ඉතා හොදයි
ශාන්, බලාගෙන ඉන්න දඬුවම් දෙනකං. සතියකින් හෝ දෙකකින් එලියට ඒවි හෝ රෝහල් ගත වේවි. මේවා සේරම සංදර්ශනයක්.
මොකක්දෝ ඇස්බැන්දුමක්, නිකම්ම නිකම් සිල්ලර චෝදනාවක් ගොනු කරලා තියෙන්නේ.
කොහොම වුනත් හොද දෙයක්!
කොහොම හරි ආණ්ඩුවට දැන් මිනිස්සුන්ගේ හද ගැස්ම තේරිලා වගේ
අවුරුදු තුනක් සහ මාස තුනක් ගත වුනා.. චූදිතයෙක් අත්අඩංගුවට ගන්න චෝදනා තිබෙන සියලු දෙනාම අත් අඩංගුවට අරන් නඩු විභාග කරලා දඬුවම් දෙන්න මේ අයට තව අවුරුදු සීයකින්වත් බැරිවෙයි. මේක යහපාලනය නොවේ අබලදුබල පාලනයක්...
හොරෙක් හොරෙක් කියකියා ඉන්නේ නැතුව අල්ලපු අයට නඩුදන්න නීතියට ඉඩදීපු මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න.
තමන්ගේ ඇහේ පොල් පරාලෙ නොදැක අනුන්ගෙ පොල්කෙන්ද දැකපු පුහු වීරයො.දැන් ඇතුලෙදි ෆුල් ඔෆ්ෂන් ලෙඩෙක් වෙයි දියවැඩියාව අධික රුදිර පීඩනය වගේ රටේ නැති ලෙඩ...
ලිත් ගැහුවා කියලා බැසිල්ට නඩු දාලා තියෙනවා. මම දැක්කා මේ අවුරුද්දේ මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිතුමා ලිත් ගහලා තැපෑලෙන් එවලා තියෙනවා.
බොහොම හොදයි හොරු ටික අල්ලන එක... කෝ මහ බැංකු හොරු. කවද්ද අල්ලන්නේ? මොකද ඒ අය ඔය ශෝක් එකට ඉඳන් රටට හුනියන් කරනවා.. පොහොට්ටුව දිනන්න. එතකොට මේ අවුරුද්දේ අග තියෙන පළාත් සභාඑකෙන් පොහොට්ටුව උඩින්ම දිනයි. ඉතුරු ඡන්ද ටිකත් අරන් එ්කේ හොරු නැති නිසා...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
දාම් අදින්න ගිහින් මෙච්චර සල්ලි රජයට පාඩු කරපු මෙවැන්නන් බිම දාගෙන අදින්න වටිනවනේ. රටක් ඉතුරුවෙයිද මෙහෙම හොරකම් කරද්දී? යසවැඩේ කියන්නේ පොඩි හොරු අල්ලන්නේ ලොකු හොරු විසින් වීමයි.
පාර්ලිමේන්තුවේ ඉන්න 99% ක් ඉන්න ඕනේ හිරගෙදර... මේ මිනිස්සුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ. අාදායම් හොයපු විදිය හොයලා දඬුවම් දෙන්නේ නැද්ද...?
මේවා මඩ ගහන්න කරන වැඩ, දැනට අවුරුදු 25-30 ඉස්සර ෆිනෑන්ස් කොම්පැනියක සුළු රස්සාවක් කලත්, දැන් වත්කම ඩොලර් කොටි ගණනක්... තත්වය එහෙම තියෙද්දී මෙතුමා කැරම් බෝර්ඩ් හොරකම් කරන්න යාවිද? ඔන්න බොරුනම් බලන්න වැඩිම වුනොත් මෙතුමා සති දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහලේ ඇඳක් උඩට වෙලා රූපවාහිනී නරඹ නරඹා ඉඳලා එළියට ඒවි.... ඉන්පස්සේ ඔය නඩුව අවුරුදු ගණනක් ඇදලා විසිකරලා දමාවි...
දේශපාලනය කරන හැම කෙනෙක්ම රජයේ දේපළ, රටේ සම්පත් කොල්ලකනවා. රාජ්‍ය දේපොළ සුරකින විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කළ යුතුය. විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමයක් සකස් කළ යුතුයි.
මේ ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් දේශපාලනකමින්, කුහකකමින්, මඩ ගැසීමේ අදහසින් කරන ප්‍රකාශ. යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටට මොනවද කළේ? ඔවුන් කරගත්තේ ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලටයි. මේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමකි.
හයිවේ රොබරි රත්තරන් අශ්වයෝ අතරේ අන්තිමට හොයාගෙන තියෙන්නේ කැරම් බෝඩ් එකක්.. බොරු චෝදනා දාහක් කරලා අන්තිමට මිනිස්සුන්ට පේන්න ඇතුළට දාන්න හේතුවක් හොයාගෙන.. මහ බැංකු හොරු රට ඉඳන් හිනාවෙනවා ඇති...
ලංකාවේ ඉහල පෙලේ දේශපාලකයෙකුට අවුරුදු 8කින් කොච්චර ලොකු පොහොසතෙක් වෙන්න පුළුවන්ද කියන එකට මෙතුමා හොඳම උදාහරණයක්. දේශපාලනයට අවතීර්ණය වෙනකොට තිබුණට වැඩිය ලක්ෂ ගුණයකින් විතර දේපළ වැඩිකරගෙන තියනවා.
මෙයා හෙට බන්ධනාගාර රෝහලේ.., අනිද්දා ගෙදර ....හා ...හා....කොහොමද යහපාලනේ.?