(ශිරාන් රණසිංහ)
මුහුදු ජලයේ අපවිත්‍ර ද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට හැකි නවීන අංගෝපාංගවලින් සමන්විත නෞකාවක් ස්පාඤ්ඤ රජය මගින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
මෙම නෞකාව යොදවා ශ්‍රී ලංකාවේ පිහිටි රමණීය මුහුදු වෙරළ 14ක් අති පිරිසිදුම වෙරළ බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් වහාම ආරම්භ කරන බව පරිසර නියෝජිත ඇමති අජිත් මාන්නම්පෙරුම මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
ඉන්ධන ගොඩබාමින් තිබියදී කොළඹ වරායේ බෝයාව කැඩී පසුගියදා මුහුදු ජලයට බොරතෙල් මුසු වී සිදුවන වෙරළ අපිරිසිදුවීම් මෙම නෞකාව යොදවා ඉක්මණින්ම පිරිසිදු කළ හැකි බව ද ඇමැතිවරයා කියා සිටියේය.
ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා සිටින මෙරට වෙරළ කලාප 14ක් ලොව පිරිසිදුම වෙරළ කලාප බවට පත්කිරීමට මෙම ස්පාඤ්ඤ නෞකාව යොදවන බව ද ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
ඉඟුරු දීලා මිරිස් ගන්නද යන්නේ? මුහුදු වෙරළ පිරිසිදු කරන එක හොඳ වැඩක්... ඒ වගේම මුහුදේ නාන්න යන අයට අවශ්‍ය උපදෙස් සහ ආරක්ෂාව සැපයීමත් වටිනවා. මුහුද රළු අවස්ථාවල නෑමෙන් වැළකීම සහ මුහුදේ නාන අය පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න ආරක්ෂකයින් යෙදවීමත් කළයුතු දෙයක්... මුහුදේ ගිලී මියයන අය ගැන අපට කොච්චර නම් අහන්න ලැබෙනවද? එසේ විය යුතු නැහැ. අපට ඇත්තේ ඉතාම සුන්දර වෙරළ තීරයක්... නමුත් දේශගුණයේ වෙනස්කම් අනුව සමහර ස්ථානවල සමහර වෙලාවල්වල නෑම ඉතාම භයානකයි. දිය සුළිවලට අසුවීමෙන් පසු ඉන්බේරීම කාටවත් කළ හැකිදෙයක් නොවේ. ඕනෑම පිහිනුම් දක්ෂයකුට වුවත් එය අමාරු වැඩක්... මේ පිළිබඳව මුහුදට බහින හැමෝම දැනුවත් කළ යුතුයි...
ලංකාව වාගේ දූපතකට අත්‍යවශ්‍ය උපාංගයක්. නමුත් ඔය අදහස ඇයි දැන්?