(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙස නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂාකර ජනතාව ජනතාව බියවද්දවා මුදල් ලබා ගැනිමේ නිතරවු සංවිධානත්මක කල්ලියක කාන්තාවක හා පිරිම් පුද්ගලයකු මාතලේ නගරයේදී අද(10) අත්අඩංගුවට ගත්බව මාතලේ පොලිසිය පවසයි.
ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන පරික්ෂා කරන බව වසමින් මාතලේ කළුදෑවල ප්‍රදේශයේ නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂා කරමින් එම ස්ථනයන්හි ඩෙංගුමදුරු කිටයින් සිටින බව එම නිවාස හා ව්‍යපාරික ස්ථාන හිමිකරුවන්ට පවසා නීතිමය පියවර නොගැනිමට තමන්වෙත මුදල ලබා දෙන පවසා මුදල් එකතු කරමින් සිටියදී මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කාත්තන්කුඩිය ප්‍රදේශයේ කාන්තාවක හා මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකි.
නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවේදී මෙම දෙපළගේ හැසිරිම පිළිබදව ජනතාවට සැක සිතී පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම් දීමෙන් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන පරීක්ෂකවරුන් යැයි පවසා ජනතාව බියවද්දවා මුදල් ගත් දෙන්නෙක් දැලේ
lalithsjm Thursday, 10 May 2018 08:07 AM
අපේ රටේ පොඩි එකාගේ ඉදල මහා ලොක්ක දක්වා කපටි කම්ම තමා කරන්නේ.
sena Thursday, 10 May 2018 08:54 AM
මාතලේ නෙවෙයි, දෙහිවලත් ඕක වෙනවා. වැසි දවසට පසුදා ඇවිදින් නැති වැරදි පෙන්වමින් දඩ නොගැහීමට අල්ලස් බලාපොරොත්තු වෙනවා. අනවශ්‍ය බලයක් ජනතාව වෙත පතුරවනවා. මේවායේ කෙළවරක් දැකිය යුතු කාලය පැමිණ තිබෙනවා.
tommy Thursday, 10 May 2018 11:14 AM
මෙවැනි අය නිවසකට පැමිණි විට නිවැසියන් විසින් ඔවුන්ගෙන් සෞඛ්‍ය පරික්ෂකවරු ළඟ තිබිය යුතු හැඳුනුම්පත ඉල්ලා සිටිය යුතුයි.
pala Thursday, 10 May 2018 04:30 PM
සේන මයා සමග ඒකඟ වන ගමන් දැන් ඩෙංගු පරීක්ෂකයන් ඩෙංගු වලටත් වඩා ජනතාවට භීතියට පත්කර ඇත. බොහෝ විට පැමිණෙනුයේ කාර්යාල සේවකයින් පිරිසක් වන අතර කාර්යාල කාර්ය සහායකද ඒඅතර චිය හැක. මොවුන් නිසි පරි්ක්ෂනයකට යටත් කළ යුතුමය මේ ප්‍රෙද්ශයේ සෞඛ්‍ය නිලධාරි්න් පවා වැසිකිලි වලට උනත් අනුමැතිය දෙන්නේ පගාව ලබා ගෙනයි...............