IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

(අමල් වික්‍රමරත්න)


 මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව පේරවැල්තලාව පොලිස් මුරපොලෙහි රාජකාරි කරමින් සිට අතුරුදහන් වූ ජයසිංහ නමැති පොලිස් නිලධාරියාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.


  මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කෙරුණේ මහඔය පොලිස් ස්ථානයේම  රාජකාරි කළ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් මුදියන්සේලාගේ වික්‍රමසිංහ (40) මහඔය පොලිසියට අනුයුක්තව සේවයකළ  සිවිල් ආරක්ෂක බළකායේ සෙබළ පිටිගල කපුගේ සුමතිපාල(40) සහ අත්තනායක මුදියන්සේලාගේ පොඩි මහත්තයා(52) නොහොත් පොඩ්ඩේ යන අය තිදෙනායි.


 පොලිස් කොස්තාපල්  ජයසිංහ නිලධාරියාගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා තොරතුරු වසන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, අපරික්ෂාකාරී ක්‍රියාවකින් හෝ නොසැලකිලිමත් ක්‍රියාවකින්  මරණය සිදු කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් තිදෙනා දෙහිඅත්තකන්ඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.



අදහස් (1)

මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Sampath Sunday, 24 June 2018 03:32 PM

පොලිසිය නීතියේ සීමාව ඉක්මවා ක්‍රිය කිරිම පසුගිය කාලය පුරාම වාර්තා වුණ මේවට සවන්දෙන්න පිරිසෙන් සහනයක් අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site