රංජන් කස්තුරි
මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු උණ රෝගීන් 17500ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වසරේ හමුවූ එම ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව ඉකුත් 2017 වසර හා සැසඳීමේදී සියයට 60ක පමණ අඩුවීමකැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෝසම් වැසි සමයත් සමඟ ඇති විය හැකි ඩෙංගු වසංගත තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් හෙට (10) සහ අනිද්දා (11) දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර හා සබරගමුව පළාත්වලද මඩකළපුව දිස්ත්‍රික්කය තුළද ක්‍රියාත්මක කෙරෙන බවද එම ඒකකය පවසයි.
COMMENTS
රටේ හැදෙන එළවලු ටික කළමනාකරණය කරගන්න බැරි ජාතියක් කොහොමද මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්නේ. බැසිලස් ගේනවා කිව්වා දුම් ගහනවා කිව්වා අන්තිමට නටපු තොවිලයක් නැහැ අහිංසක මිනිස්සු අනිත් හැම දෙයකින්ම වගේ පීඩා විඳිනවා
ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානම හේතුව වන්නේ මහජන සෞඛ්‍ය අංශ වල තිබෙන නොහැකියාව සහ නොදැනුවත් කමය. අප පුංචි කාලයේ සිටි පී එච් අයි මහත්වරුන් නිතර නිතර නිවෙස් වලට පැමිණ මදුරුවන් මැස්සන් ගැන කියාදී අදාල ස්ථාන වලින් මදුරුවන්ද අල්ලාගෙන ගොස් පරීක්ෂා කොට ලෙඩ බෝවීමට ප්‍රථම ඒවාට පිළියම් යෙදුවේය. ඒත් අද සිදුවන්නේ ඩෙංගු බෝවී මිනිසුන් මැරෙනා විට පැමිණ දඩ ගසා වරදෙන් නිදහස් වී දඩ කොමිස්ද ලබා ගැනීමයි. ඩෙංගු නැති කාලයට පී එච් අයි කෙනෙකු දැකීමත් විරලය. අපගේත් රටෙත් වාසනාවට මේ දිනවල මැස්සන් ලෙඩ බෝ කරන්නේ නැත. මැස්සා ලෙඩ බෝකොට මිනිසුන් මිය පරලොව යාමට පටන් ගතහොත් ,පෙරසේම පෙර කී කාකි කබා කාරයන් පැමිණ මැස්සන් බෝකලා යයි නඩු දමා දඩ ගසා කොමිස් ලබාගනු ඇත.