(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පසුගිය දින කිහිපයයක ඇතිවූ කලබලකාරි තත්වයන්ගෙන් පසුව නැවත එවන් අමිහිරි සිදු වීම් ඇති නොවීම සඳහා ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කර ගෙන දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා අදත් (16) මුස්ලිම් දේවස්ථානවලට වැඩම කළහ.
මහනුවර ගල්හින්න ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ අද 16 වන සිකුරාදා පැවැති වන්දනය සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටි අතර අංකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පාලිත ජයරත්න මහතා සමඟ උඩගම දේවානන්ද වදුහලේ විදුහල්පති තුමන්ද පැමිණ සිටියේය.
පල්ලියේ වන්දනය සිදු වන අවස්ථාවට අලවත්ත විහාරස්ථානයේ විහාරාධිකාරි අලවත්තේ ගුණරතන හිමියන් සමඟ අලවත්තේ ඥාණරතන හිමියන් ,වැල්ගාල විහාරස්ථානයේ කොටවර හේමානන්ද හිමියන්ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවදත්තයන් සරණ ගිය අබ සරණ නිකායේ චීවරධාරින් වගේම බුදුන් සරණ ගිය හාමුදුරුවරුන්ද ඉන්න බව පෙනෙන්නට තිබිම සතුටක්. රටේ මිනිසුන්ගේ මනස අවුල් නොකර මිනිසුන් අතර සාමය සංහිඳියාව ඇති කරන්න වගේම මේ රටේ ඇවිලෙන ජාතිවාදී ගින්න නිවාදාන්න උන්වහන්සේලාට ධෛර්ය ශක්තිය ලැබේවී!
අමූලික ප්‍රෝඩාවක් නේද මේ කරන්නේ? මෙයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? බෞද්ධයින්ට අවමන් කිරීමක් ....
මේක සංහිඳියාවට ඉතා හොඳයි. නමුත් මේ මුස්ලිම් උදවිය නොදන්න නිසා අපේ බෞද්ධ ධර්මය තුල අඩංගු මානව හිතවාදීක කරුණු ඔවුන්ටත් තේරෙන පරිදි පැහැදිලි කිරීමක් කල යුතුය
ඔහොම යන්... ඔය අහිංසකකම් ඔක්කොම බහුතරය හදාගන්නකන් විතරයි. ඊට පස්සේ මියන්මාර්වල වගේ ඔබ වහන්සේලාටත් හමුදා ආරක්ෂාව යටතේ පිඩුසිඟා වඩින්න පුළුවන්...