(මනෝප‍්‍රිය ගුණසේකර)
කතරගම කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ දඩමස් තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතෙකුට තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් උදයංගනි රජපක්‍ෂ මෙනවිය රුපියල් 20,000/-ක දඩයක් අද (04) නියම කළාය.
මරා මස්කරන ලද මුවකුගේ මස් කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ තබා ගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතාට දඬුවම් ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස දඩ නියම කළාය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ කතරගම කඩවර දේවාලයේ කපුවකු ලෙස කටයුතු කළ ජුල්පල්ලම තිස්සමහාරාමය පදිංචි හේවාගේ රක්‍ෂිත නමැත්තාටය.
කතරගම ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකුගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ලූණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් එක්ව සිදුකළ වැටලීමකදී කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලය පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර එම දේවාලයේ ශිතකරණය පරීක්‍ෂාවට ලක්කිරීමේදී ඒ තුළ තිබී මස් තොගයක් සොයා ගත් බව වාර්තා වේ.
එම මස් තොගය සොයා ගැනීමෙන් අනතුරුව එම දේවාලය බාරව සිටි කපුවකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරු මුවකු මරා මස්කර ශිතකරණයේ තබා ගෙන ඇති බව වනජීවී නිලධාරීන් විසින් හෙළි කරන ඇති අතර ශිතකරණයේ තිබී මුව මස් කිලේ 20 ක් පමණ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුව මස් ළඟ තබා ගත් කපුවාට 20,000 ක් දඩ
කුමාර් (ගල්ෆ්) Wednesday, 04 April 2018 03:59 PM
මේ වගේ බොරුවෙන් ජීවත් වන රට හොරු තමා මිනිසුන් රවටමින් ආගම විකුණාගෙන කන්නේ.
wije Wednesday, 04 April 2018 04:42 PM
රු 20000ක් දඩ ගහලානම් වැඩක් නැහැ.
rocky Wednesday, 04 April 2018 11:45 PM
දේවාලය වසා දැමිය යුතුයි!
අප්පුහාමි ගොයියා Thursday, 05 April 2018 04:28 AM
අනිත් දේවාල වලත් බැලුවොත් නරකද?