(මොහොමඩ් බුහාර්ඩින්)
මා පිය රැකවරණයක් නොමැතිව ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ වත්තක පිහිටි මඩුවක දමා ගොස් සිටි වයස අවුරුදු එකහමාරක හා හතරක දරුවන් දෙදෙනෙකු අද (15) සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානආරච්චි මහතාට ලැබුණු තොරතුරකට අනුව ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ වත්තක මඩුවක දමා ගොස් සිටි මෙම දරුවන් දෙදෙනා සොයාගැනීමට හැකිවී ඇත්තේ ගැමියන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවය.
දරු දෙදෙනාගේ මව මොවුන් හැරදා ගොස් වෙනත් ප‍්‍රදේශයක ජිවත් වන බවත් පියාද තැන තැන ගොස් සිටින නිසා දරු දෙදෙනා රැකබලා ගැනිමට කිසිවෙකුත් නොමැති බව මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
දින පහක් තිස්සේ මේ දරු දෙදෙනා දෙමාපියන් නොමැතිව තනිවම නිවසේ ජිවත් වී ඇති අතර ප‍්‍රදේශවාසින් පැමිණ ආහාරපාන ලබා දි තිබේ.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳ ගලේවෙල පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය ගොස් දරුදෙදෙනා ගලේවෙල පොලිසියට රැගෙන විත් ඇත.
මා පිය සෙනෙහස අහිමිව පොලිසියට පැමිණි දරු දෙදෙනාට තම දරුවන් මෙන් ගලේවෙල පොලිසියේ නිලධාරින් විසින් සෙල්ලම් බඩු හා ආහාර ලබාදී තිබු අතර දරුවන් පිළිබඳ අද (15 ) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් පොලිසිය.
ජීවිත දෙකක් බේරා දුන් පොලිසියේ ඔබට සැමට ගොඩක් පින්... තව පොඩ්ඩෙන් තවත් ඛේදවාචකයක් .....
අනේ මේ රත්තරන් පැටවූ එසේ තනිකර දමා දෙමවුපියන්ට ගෙදරින් පිටවිය හැකිද? අප රටේ සමාජය මෙතරම් පරිහානියට පත්වී ඇද්ද ?
අපේ රටට අවශ්‍ය මේ වගේ පොලිස් නිලධාරීන්
අම්මෝ මගේ දරුවෝ දෙන්නගේ වයසනේ. දරුවෝ නැති යුවලක් මේ ගැන අවදානය යොමු කරනවානම්
ඉතාමත් යහපත් ක්‍රියාවක් පොලිස් නිලදාරීතුමනි. ඔබ සැමට යේසු පිහිටයි.
හැමදාම පොලිසියට බැණ බැණ හිටියත් මේ වගේ වැඩ අගය කල යුතුයි.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....!!!
ඒකනම් පොලිසියේ හොඳ වැඩක්...
ඔය වගේ දෙමවුපියන් ළඟ දුක් විඳිනවට වඩා අනාථ නිවාසෙකට දැම්මහම කොච්චර හොඳයිද ? පොලිසියේ ආරක්ෂාව, රැකවරණයට ස්තුතියි .