ඩයනා උදයංගනී
මෙවර කැබිනට් සංශෝධනය වත්මන් රජයේ අවසන් කැබිනට් සංශෝධනය බවට පත්කරගෙන ඉදිරි කෙටි කාලයේ දී රට හා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ යුතු යැයි නව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ධූරයේ වැඩ භාරගනිමින් පැවසීය.
මැතිවරණය ප‍්‍රතිඵලය මත විවිධ ගැටුම් මතු කරමින් විශ්වාසභංගය වෙනුවෙන් වැය කළ කාලය ද වැය කළ යුතුව තිබුණේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ කණඩායම් එකතු වෙන දවසක් ඉදිරියේදී උදාවන බව ද කී දුමින්ද දිසානායක මහතා තාවකාලික ගෙවල්වලට යන අය මහ ගෙදරට එන දවසක් එන බව ද කීවේය.
දුමින්ද දිසානායක මහතා නව අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීම කොළඹ විද්‍යා මාවතේ පිහිටි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (3) සිදුවිය.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
තව මාස දහ අටක් තියනවා අඩුම තරමේ තුන් පාරක්වත් මේ කැබිනට්ටුව සංශෝදනය කල යුතුව තිබෙනවා. නැත්නම් කිසිම ගතියක් නැහැ.
මේ යන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූ කණ්ඩායම් පොහොට්ටුව සමග එකතු වෙන ලකුණු තියන බව නම් පේනවා.
දුම්න්දත් අපතයෙක් බව රටට පෙන්වලා අවසන්.