කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ (23) රාත්‍රී 11.30පට පමණ මෙම අපාරාධය සිදුකර ඇති අතර බරපත කැපුම් තුවාල සහිතව සිටි තිදෙනාම වතුරපිටිවලට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී හය හැවිරිදි ඉලන්දාරි පේඩිගේ හංසනී නැමැති දැරිය මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනෙක් දෙදෙනා බරපතල තත්ත්වයෙන් සිටි නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව එම ප්‍රකාශකයා කීය. එම අපාරාධය සිදුකළ බවට සැකකර 47 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.