IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිල සුත්‍රය හෙළි කරන්නයි ඉල්ලති

(විනීතා එම් ගමගේ)


මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ක‍්‍රියාත්මක කරන බව කී රජය මිල සූත‍්‍රය ජනතාවට නොපෙන්වා මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි. 


මිල සූත‍්‍රය කුමක්දැයි ජනතාවට බලා ගත හැකි අකාරයට ප‍්‍රසිද්ධ කරන ලෙස ද එම ව්‍යාපාරය රජයට බල කර සිටින බව එහි කැඳම්කරු රංජිත් විතානගේ මහතා ලංකාදීපයට  පැවැසීය. 


රාජ්‍යයේ දුෂණය ඉහවහා ගොස් ඇති මෙම අවස්ථාවේ එම දුෂණ නැවැත්වීම සදහා පිළියම් නොකරන රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම සදහා කටයුතු කරමින් සිටිතැයි කී විතානගේ මහතා මෙරට මැති ඇමතිවරුන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත් කළ ජනතාව එදා වේල සොයා ගැනීම සදහා දැඩි සටනක නියැලීමට සිදුව ඇතැයි ද කීය.


ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමනාකරන හැකියාව මැනවින් ඉස්මතු වී ඇති අතර විෂය පිළිබදව මෙලොව දැනුමක් නොමැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ ගණනාවක් කොමිස් ගනිමින් ජනතාවගේ මුදල් මහ දවල් කොල්ල කෑම නිසා දිනෙන් දිනම ලංකාව ආර්ථික අගාදයකට ඇද දමමින් සිටින බව කිසිවෙකුටත තේරුම් ගත නොහැක්කේ රජය විසින් ජනතාවට කථා කීරීම සදහා විවිධ මාතෘකා විටින් විට කරළියට ගෙන ඒම නිසා බව තම විශ්වාසය යැයි ද ඔහු කියා සිටියේය. 
 



අදහස් (3)

මිල සුත්‍රය හෙළි කරන්නයි ඉල්ලති

සෙනරත් Friday, 06 July 2018 11:25 AM

ලෝක වෙළඳපලේ වැඩි වෙන තෙල් මිල, තෙල් භාවිතා කරන්නට ගෙවන්න දෙන්න. නිකන් අනාගත පරම්පරාව උකසට තියන්නේ නැතුව. දේශපාලකයිනි, පාලනය කල නොහැකි තත්වයන දේශපාලන මාතෘකා ලෙසට යොදා නොගනිවු. අනාගත පරමපරාව බිලි නොදෙවු. තෙල්මිල ගෙවන්න බැරි අයට වාහන පාවිච්චිය අඩුකරන්න කියවු. පොදු ප්‍රවාහන භාවිතා කරන්න කියවු.

:       0       1

Bamunuarachchi Friday, 06 July 2018 12:02 PM

රටට සෝබනයට මේ අම්බරුවෝ ඉන්ධන මිල අඩුකර නැවත වැඩි කිරීම නිසා රජයට විශාල ආර්ථික පාඩුවක් වුනා වගේම, ජනතාවට දෙවතාවක් බඩුමිල වැඩි වුනානේද?

:       0       15

rocky Saturday, 07 July 2018 03:07 AM

දැන් ආණ්ඩුවෙනුත් `සූත්‍ර පිටකයක්` ප්‍රකාශ කරනවද? ඔය කියන මිල සූත්‍රය තියෙන්නේ මොන නිකායේ මොන වග්ගයේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site