ක්වාලාලම්පූර්හිදීය (ඒ.එෆ්.පී)
රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අද (19) අත්අඩංගුවට පත්විය.
පසුගිය මහ මැතිවරණයේදී නජීබ් රසාක්ගේ පරාජයට හේතු වූයේ දූෂණ චෝදනා වන අතර දශක පහකට පසු පාලක පක්ෂය පරාජය කරමින් මහතීර් මොහොමඞ් බලයට පත්වීය.
මහතීර් මොහොමඞ් බලයට පත්වීමට පෙර සිටම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දු විය. ඉන් ප්‍රධානතම දූෂණ චෝදනාව වූයේ ‘වන් (1) මැලේසියා සංවර්ධනය බර්හාඞ්’ නැමැති එරට මුදල් අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාය. ‘වන් (1) මැලේසියා සංවර්ධනය බර්හාඞ්’ ව්‍යාපෘතිය යටතේ මැලේසියා මුදල් අමාත්‍යාංශය උපායමාර්ගික සංවර්ධන සමාගමක් ස්ථාපිත කරමින් ඒ වෙනුවෙන් රාජ්‍ය ආයෝජන අරමුදලක් ද ආරම්භ කර තිබිණි.
අදාළ රාජ්‍ය ආයෝජන අරමුදලට අයත් ගිණුමේ තිබිය යුතු මුදල් එහි නැතැයි අනාවරණය විය. පසුව එම මුදල් හිටපු හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් ගිණුමක තිබෙන බව විමර්ශනවලින් හෙළිදරවු විය.
මීට අමතරව නජීබ් රසාක්ට චෝදාන රැසක් එල්ල වී තිබෙන අතර නජීබ් රසාක් හෙට (20) අධිකරණය හමුවේ පෙනි සිටීමට නියමිතය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වොත් කළා. ඒකනේ ඒ රටවල් දියුණු.
එ්කට අපේ රටේ.. ඔක්කොම ඩීල් ගේම්..
ඩොලර් කෝටි 18ක් තියෙන ඩුබායි ගිණුම තමා හොයා ගන්න බැරි නේද? හාරපු වලවල් රත්ත්රන් හොයන්න..... රත්තරන් අශ්වයෝ......ලැම්බෝගිනි, බැකින්හම් මාලිගා.... තියෙනවා කියපු මේවා කොහේද තියෙන්නේ.....
ඒ රටේ නම් පළි ගන්නේ නැහැ. වරදට දඬුවම් දෙනවා විතරයි. බලාගන්න ඒ රටවල් වලින් පාඩම්, හොරුන් එක්ක ඩීල් දානේ නැතුව.
මැලේසියාවේ එහෙමෙ වුනත්..... ලංකවේ එහෙමෙ වෙන්නේ නැ .....