මනෝප‍්‍රිය ගුණසේකර
මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ හමුදා ආරක්ෂක නිවාසයක රැඳීසිටි බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්තේ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන අගොස්තු 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියම කළේය.
ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසයක රැදී සිටි එම යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබේ.
විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතී නීතීඥ සාලිය පිරිස් මහතා රෝගීව පසුවන බවට කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ කට්ටියත් ලෙඩ වෙන්න පටන් අරගෙනද?
මේවා රටේ යුද රහස්, මෙයාට අනදීපු සහ එම නම් හෙළිකිරීමට ඉදිරිපත් වූ සහ එයට සහය වූ සියලුදෙනාම නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. හැකිනම් රටේ පුරවැසිභාවය අහෝසිකර මෙරටින් පිටුවහල් කළ යුතුය.