මාලේහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි නොවැම්බර් 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (24) වාර්තා කළේය.
ඉරිදා (23) පැවැති ජනාධිපතිවරණයෙන් මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ජය ලැබීය.
මාලදිවයිනේ වත්මන් ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වැනිදාටය.
ඒ අනුව ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි එදිනට ජනාධිපති ධුරයේ රාජකාරී බාරගනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
ඉන්දියාවේ මාලදිවයින් තානාපතිවරයා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත ඒ බව වාර්තා කර තිබිණි.
ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපතිවරණයෙන් ජය ලැබීමත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද ඔහුට සුබ පැතුම් එක් කර තිබිණි.
මාලදිවයින ඉන්දු චීන බල අරගලයේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය දැඩි විමසිල්ලකින් පසුවිය. ඉන්දීයාව සහ චීනය ඉන්දීය සාගර කලාපයේ රාජ්‍ය තමන්ගේ මිත්‍ර රටවල් බවට නතු කරගැනීමේ බල අරගලයක නිරත වී සිටී.
055
COMMENTS