(බී බී සී පුවත් ඇසුරිණි-085)
බටහිර ඕස්ට්‍රේලියාවේ සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන එස්පරන්ස්හි දී සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි 17 හැවිරිදි තරුණියක මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ.
සිද්ධිය වන අවස්ථාවේ ඇගේ මව, පියා සහ ඥාතීන් දෙදෙනකු ද එම ස්ථානයේ සිට ඇත. තරුණිය වහාම රෝහල් ගත කළද මෝරා සපාකෑමෙන් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් ඇය මියගිය බව වෛද්‍යවරු පවසති.
2014 වර්ෂයේ මෙම ස්ථානයේදී මෝර ප්‍රහාරයකට ලක්වීම නිසා සර්ෆින් ක්‍රීඩාවේ යෙදුන පුද්ගලයෙකුට සිය දෙඅත් අහිමි විය. මෙය බටහිර ඕස්ට්‍රේලියාවේ පසුගිය මාස 12ක කාලය ඇතුලත සිදුවූ තෙවන මාරාන්තික මෝර ප්‍රහාරයයි.සිද්ධියෙන් පසු පැය 48ක කාලයක් සඳහා වෙරළ තීරය වසා දැමූ බව බලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
18
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට