පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් 19 දෙනක බරපතල තුවාල ලබමින් අද උදෑසන හලාවත, මාරවිලදී සිදු වු බස් අනතුර සම්බන්ධයෙන් එම පෞද්ගලික බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18) මාරවිල මහවැවදී ට්‍රාන්ස්ෆෝමරයක ගැටී මෙම අනතුර සිදු විය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාරක අනතුර පසුපස සිටින්නේ අවිනීත රියදුරන්ට වඩා, බස් රථ අයිති කොම්පැනි කාරයින්ය. ඔවුන්ගේ එකම පරමාර්ථය මිනි මරා හෝ මුදල් සොයා ගැනීමයි. මෙවැනි දේ ලංකාවේ පාලනය කල හැකි හොඳම ක්‍රමය නම් මෙවැනි අනතුරුවලට ගොදුරු වුවන් සඳහා විශාල වන්දි මුදල් බස් කොම්පැනි වලින් අය කර ගැනීමට හැකි වන සේ නීති සම්පාදනය කිරීමයි. පොලිසියට රටේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි රාජකාරි කළ නොහැකි බැවින්, යථාර්තය නම් පොලිසියට රටේ සියලු ස්ථානවල සිදුවන අනතුරු වැළක්විය නොහැක වීමයි.
මේ ඉන්දියන් අබලන් බස් , මේ රටට ගෙන එම තහනම් කලොත් හොදයි
බසයේ ඉදිරිපස හැපී තිබුණු ආකාරයට පුදුමයි මේ බේරුණා...
දැන් ඔක්කොම හරි. මැරුණු අයට පණ ඒවි .
කොහෙන් ගෙනාවත් බස් පාවිච්චි කරන්නාගේ සැලකීම් පරිස්සමින් කලොත් හොඳයි. මේක රියදුරාගේ නොසැලකිල්ල බස් එකේ වරදක් නෙවේ