(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

ව්‍යාපාරික සදුන් මලින්ද තේනුව නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු  අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.