විනීතා එම් ගමගේ
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණීය දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති තුමන් කී අවස්ථාවේ එම දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගියේ යැයි ද අමාත්‍යවරිය කීවාය.
තමන් රජය භාර ගන්නා අවස්ථාවේ රටම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබු බවත් ඇතැම් නිලධාරීන් ඊට සම්බන්ධ බවත් අමාත්‍යවරිය කියා සිටියාය.
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වු ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදා දීමේ වැඩ සටහනකට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.
ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වුණා. අද පාතාලය කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක‍්‍රියාත්මක වෙනවා. ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක‍්‍රියාත්මක වෙනවා.
තවත් පාතාලයක් තියෙනවා හෝටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්. මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා.
කාන්තාවක් තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.’’ යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරන නෝනා කෙනෙක්. කලින් තනතුරෙත් සැහෙන වැඩ ප්‍රමාණයක් කළා.
හැම දේටම සම අයිතීන් ඉල්ලන ලෝකයේ කාන්තා පිරිමි භේදයකින් තොරව වැරදි කරුවන්ට අදාළ දඩුවම් දෙන්න
ලොකුවට අඬබෙර ගහලා පටන්ගත්ත විශේෂ අධිකරණයේත් අහන්නේ සිල්ලර නඩු කියලයි ආරංචිය. මහා පරිමානයේ දුෂණ වංචා මිනීමැරුම් නඩු හරි හැටි ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි නැති බවයි කියන්නේ. මේ ජංජාලය වහන්නද කොහෙදෝ දැන් කොළ නැති ගහක් ඇදගෙන දඟලනවා. ඕකෙනුත් වෙන්නේ අනිත් සේරගෙන්ම වුනාවගේ ඇදගෙන නාන්න තමයි.
මේක සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්න ඇති.. කාන්තාවගේ නම මුලට දැම්මේ. සාමානය සම්ප්‍රදායට අනුව ආසියාතික රටවල කාන්තාවන්ට මරණ දඬුවම දෙන්නේ නැහැ. ඒ නිසා වැඩේ ලත් තැනම ලොප් කරන්න හිතාගෙන කාන්තාවකගේ නම මුලට දැම්මා වෙන්න බැරි නැහැ.
ඇස්දෙක බැඳගෙන තරාදියයි, කඩුවයි අතට ගත් ස්ත්‍රියට වරදකරු ගැහැනුද පිරිමිද කියා පෙනෙන්නේ නැත. එම නිසා නීතිය ක්‍රියාත්මක කරන්න.
ගැහැණු, පිරිමි කතාවක් වැඩක් නැහැනේ.. තියෙන්නේ ලිස්ට් එක ජනාධිපතිතුමාට යවන්න. එතුමා තීරණය කරලා තියෙන්නේ දේශපාලකයන්ගේ සහයෝගයෙන් හෝ නිලධාරීන්ගේ සහයෝගයෙන් හෝ කුඩු ජාවාරම් කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න. අනිත් කාරණය ලංකාවේ මුලින්ම කුඩු සඳහා මරණ දණ්ඩනය නියම කළේ ගැහැණියකට නෙවෙයි කියන එක අපි වගේම ඔබතුමිය දන්නවානේ (ඉතින් ඔබතුමිය මේ කුඩුකාරයෝ ගැන විශේෂ ලැදියාවක් නැත්නම්) ගැහැණියකගේ නමක් මුලට දාපු නිලධාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඔබතුමියට පුළුවන්නේ.. ඉතින් එහෙම නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් මහජනයා හිතයි ඔබතුමිය ලැදියාවන් අතර ගැටුමකට මැදිවෙලා කියලා.
ඇස්දෙක බෙන්දගෙන කඩුවක් අරගෙන ඉන්නා ස්ත්‍රියට කියන්නකෝ
ඔය අපේ රටේ ජනාධිපතිද ? අනේ මන්ද මෙවෙනකම් ඉතින් කරපු දෙයක් නම් හොයාගන්න බෑ.
මම නම් කියන්නෙ එල්ලන්න නෙවෙයි මෙයාගෙ පින්තූරයක් දාල මුද්දරයක් නිකුත් කරමු. කුඩු ව්‍යාපාරයේ පුරොගාමී කාන්තාවක් කියා.
ඒක හොදයි. ඔය ගොඩක් කාන්තා සංවිධාන සමතැන ඉල්ලන්නේ හැම එකකටම? ඉතින් මරණිය දණ්ඩනයේදීත් සමලෙස සැලකුවාම මොකද වෙන්නේ? හරිනම් ඉදිරි ආරක්ෂක වළල්ලටත් කාන්තාවන් දාන්න ඕනේ. මේවට ඉතින් ඔය කොළඹ 7 අයනම් අහුවෙන්නේ නෑ, අහිංසක දුප්පත් කාන්තාවන් තමයි හැම එකකින්ම තැලෙන්නේ.