( රේඛා තරංගනී ෆොන්සේකා  )

මොරටු විශ්ව විශ්ව විද්‍යාලය ලබන 17 වැනි දා තෙක් සම්පූර්ණයෙන් වසා නොදැමූ බවත් සිසුන්ට නිවාඩු දීම පමණක් කළ බවත් එහි උපකුලපති ආනන්ද ජයවර්ධන මහතා පවසයි.

පශ්චාත් උපාධිය ලබන සිසුන්ගේ අධ්‍යයන කටයුතු,කාර්යාල කටයුතු සහ වෙනත් ප්‍රාසාංගික කටයුතු  සාමාන්‍ය පරිදි සිදු කරන බවත් ඒ මහතා කියයි.

“පිඨ තුනේම සිසුන්ට නිවාඩු දුන්නත් පශ්චාත් උපාධි සිසුන්ගේ කටයුතු සාමාන්ය ලෙස සිදු වෙනවා.එහි සිසුවියක් ඩෙංගු රෝගය සැදී මියයාමත් වෛරස් උණ සහ ඩෙංගු උණ රෝගින් වාර්තා වීමත් නිසා මේ තීරණය ගත්තා.මෙය හදිසි තිරණයක් නෙවෙයි.“

“පිටත නවාතැන්වලින් වාර්තා වු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සමග විශ්ව විද්‍යාලය දින කිහිපයකට වසා දැමීමට සාකච්ඡා කරමින් සිටියා.අවාසනාවන්න ලෙස සිසුවියක් මිය ගියා.විශ්ව විද්‍යාලය සති දෙකකට වසා දැමිමෙන් බෝඩිංවල සිටින රෝගින්ට නිසි ප්‍රතිකාර ගැනීමට ඉඩ ලැබෙනවා.“

“සිසුන් පවසන ආකාරයට ඩෙංගු රෝගින් 87ක්  වාර්තා වුණේ නැහැ.සාමාන්‍ය වෛරස් උණ රෝගීන්ගේ එකතුවක් විය හැකියි.බවට බවට තහවුරු වූ රෝගීන්  22ක් වාර්තා වුණා“යැයි ඒ මහතා පැවසීය.