(ශිරාන් රණසිංහ)
විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටිති.
දැනටමත් බස් රථවලින් පැමිණෙන පිරිස බස් රථ නවතා ඉන් බැස ගිමන් හරිමින් සිටින අතර සවස 3.00 පමණ වනවිට විරෝධතා පෙළපාළි ආරම්භ කළ හැකි බව සංවිධායකයෝ පවසති.
ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 15 දෙනා ද මෙම විරෝධතාවයට එක්වීම සඳහා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාව රැගෙන කොළඹට ළඟා වෙමින් සිටිති.
සතර දෙසින් කොළඹ ලේක්හවුස් වටරවුම අසළට විරෝධතා පෙළපාළි වලින් පැමිණීමට දැනට සැලසුම් කර ඇත.
විරෝධතාකරුවන් පැමිණෙන බස්රථ ගාල් කර තැබීමට ස්ථාන වෙන්කර නොමැති බැවින් දැනටමත් කොළඹ මාර්ගවල එම බස්රථ නවතා තබා ඇති අයුරු ද දක්නට ලැබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ දී විරෝධතා පෙළපාලියට එක්වීමට නියමිතය.
මේ වනවිට වරු නිවාඩු ලබාගෙන ඇතැම් අය නිවෙස් බලා පිටත්ව යන අතර එලෙස වරු නිවාඩු දැමූ තවත් පිරිසක් විරෝධතා ආරම්භ වනතුරු මාර්ග අසළ රැඳී සිටිනා අයුරු ද දක්නට ලැබේ.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සීරුවෙන් තබා ඇති අතර කඳුළු ගෑස් හා කැරලි මර්දන පොලිසිය ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක අංශ කියා සිටී.
විරෝධතා පෙළපාළිය ආරම්භ වූ පසු ඊළඟ සැලසුම් ක්‍රියාවට නංවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම අවසන් මොහොතේ දී කාටත් දැක බලාගත හැකි වනු ඇති බවත් විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන පිරිස කියා සිටිති.
COMMENTS
මේ අදහස් දක්වන පිරිස එජාපයට කඩේ යන පිරිසක් මොකද විපක්ෂයේ කට්ටිය ජන බලයට ගිහින් සැබවින්ම මේ ආණ්ඩුව ජනතවට එපා වී ඇත...... එහෙත් ඡන්ද නොතියන නිසා ඔවුන්ට කිසිවක් කරගත නොහෙකි වී ඇත.....
විරෝධතා පෙළපාළිය ආරම්භ වූ පසු ඊළඟ සැලසුම් ක්‍රියාවට නංවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම අවසන් මොහොතේ දී කාටත් දැක බලාගත හැකි වනු ඇති බවත් විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන පිරිස කියා සිටිති. ඒ කියන්නේ තාම ගඩොල්, ගල්, යකඩ බට, වැලි බෝතල්, පැට්‍රල් බෝම්බ ආදිය හංගලා තියෙන්නේ ආපු බස්වල කියන එකද...."වහෙන් ඔරෝ" භාෂාවෙන් ? දැනට තිබෙන ඒකාබද්ද සන්ධාන විස්තරේ හැටියට, මහින්දගේ ඔඩොක්කුවේ ඉන්නේ ගෝඨා සහ ඔටුනු පැළඳීමට සිටින නාමල් බේබි පමණක් වගෙයි. පවුලේ අනෙක් රාජපක්ෂලා දොරට තට්ටු කරමින් එළියේ ඉන්නවා වගෙයි. හදිසි වෙන්න එපා වෙලාව ආවම ඔක්කොම හරි යාවි !!!!
අවසානයේ දී ආණ්ඩුවට විරුද්ධ ගොපල්ලන් පිරිස ජනතාව පීඩාවට පත් කර, සතුටින් තමන්ගේ බෙන්ස් රථයෙන් ද, ඔවුන් දැක්කා ගෙන ආ පිරිස අධි සුඛෝපභෝගී ලේලන්ඩ් බස් එකෙන් හා දුම්රියෙන් ද හෙට අලුත් ආණ්ඩුව දිවුරුම් දෙයි කියා සිතමින් ගෙවල් බලා විසිර ගියහ.