IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුරුංගා කොළ මිටියකින් දකුණු සබේ ඇවිලෙයි

ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ
 
දකුණු පළාත් සභාව අද (9) රැස්වු අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා මුරුංගා කොළ මිටියක් රැගෙන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ සභා ගර්භයෙන් පිටතදී එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කිරිමත් සමඟ දෙපිරිස අතර සිදුවීමට ගිය ගුටිබැට හුවමාරුවක් වෙනත් තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ මැදිහත් වීමෙන් වළක්වා ගනු ලැබීය.


පසුව චන්න සාලිය මන්ත්‍රීවරයා සභාවට පැමිණ අසුන් ගත් අවස්ථාවේ සභානායක චම්ලි විතානාච්චි මහතා පැවසුවේ සාලිය මෙන්ඩිස් මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහරදී ඇති බවයි.


එනිසා ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසද සභානායකවරයා ඉල්ලා සිටියේය.


මෙහිදි එජාප මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා පහරදීමක් සිදුවුයේ නැති අතර ගහ ගැනීමට අවශ්‍ය නම් එළියේ දී හමුවෙමු යයි කියා සිටියේය. මෙහිදි දෙපාර්ශවය අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවු අතර පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු එජාපයේ මන්ත්‍රීවරුන් දෙසට ගමන් කිරිමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද අසුන් වලින් නැගිට සභා ගර්භය මැදට පැමිණියේය. එහිදි දෙපිරිසම එක පොදියට පොර බැදිමට පටන් ගත්හ.


මෙම අවස්ථාව් ගැලරියේ සිටි පාසල් ළමයින් ඇතුළු පිරිස ඉවත්ව ගිය අත සභාව පාලනය කර ගැනිමට නොහැකිවු සභාපතිවරයා විනාඩි පහළොවකට සභාව කල් තැබිය.


යළිත් සභාව රැස්වු අවස්ථාවේ සභාපතිවරයා මන්ත්‍රිවරුන්ට දැඩි ලෙස අවවාද කරමින් මින්පසු කිසිම දෙයක් සභාව තුලට ගෙනාවොත් විනයානුකූලව ක්‍රියා කරන බව පැවසිය. මෙම සිද්ධිය ගැන තමා කණගාටු වන බවත් මන්ත්‍රිවරුන් සියලුදෙනාම ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.



අදහස් (5)

මුරුංගා කොළ මිටියකින් දකුණු සබේ ඇවිලෙයි

hemantha Tuesday, 09 October 2018 06:26 AM

හොද තණකොළ මිටියක් ගෙනල්ල හැමෝම බෙදාගෙන කෑවානම් තමයි හොද.

:       0       364

OMG Tuesday, 09 October 2018 07:18 AM

බොරුවට ඇන කොට ගන්න එක විතරමයි තියෙන්නේ. රටට හෙන ගැහුවත් මේ රට පාලුවන්ට කමක් නැහැ. පඩි හෝ දීමනා වැඩි කරනවා කියන්නකෝ ඔක්කම එක ගොඩට ඇත උස්සනවා.

:       3       18

ලුම්බිණි Tuesday, 09 October 2018 09:02 AM

මීට වඩා දෙයක් මේ කට්ටියගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       4

Mahee Tuesday, 09 October 2018 09:28 AM

මේ වගේ අමු ජෝකරයන්ගෙන් අඩුවක් නැතුව ස්වයන්පෝෂිත වීම රටට වාසනාවක්.

:       0       1

isurandi Tuesday, 09 October 2018 11:18 AM

මුරුංගා කොළවලට අපහස කරන්න එපා. ඕක ගුණ කෑමක්.

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site