IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


මොරගහකන්දේ මංගල දියවර නිකුත් වෙයි

(කාංචන කුමාර ආරියදාස / මොහොමඩ් ආසික්)

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ  නිරීක්ෂණය ආරම්භ කළහ.

පසුව මැති  ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින්  එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.

පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට  මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද  මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක්‌ පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක්‌ෂ 818 ක ජලස්‌කන්ධය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.

මොරගහකන්ද ජලාශයට  නමක්  ලෙස විවිධ අය විවිධ නම් යෝජනා කළද තමන් ඒ සියලු නම් ප්‍රතික්ෂේප කළ බවත් එම ජලාශය ඉදි කිරීම සඳහා දැඩි කැපවීමක් කළ ඉංජිනේරු ඒ .එන්.එස්. කුලසිංහ මහතාගේ නම යොදා ඉංජිනේරු ඒ.එන්. එස් කුලසිංහ  ජාලශය ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය. 

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 

 



අදහස් (21)

මොරගහකන්දේ මංගල දියවර නිකුත් වෙයි

sanjeewa Monday, 08 January 2018 08:16 AM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ හා ඔබගේ රජයට මෙවැනි ජනතා හිතවාදී වැඩ ඉටුකිරීමට යොදා බලවිරිය ලැබේවා. වහලුන් ඔබට ගල් ගසාවි. නොසැලී ඉදිරියට යන්න. හම්බන්තොට මාර්ග දෙපස ඉරිඟු, බෙලි, දිවුල් විකුණන අහිංසක ජනතාව ඒ කාලේ කල සංවර්දනය මනාව පෙන්නුම් කරන බව වහලුන්ට නොව ඔබව පත්කළ බුද්ධිමත් ජනතාවට තේරුම් ගත හැකිය.

:       1761       2536

LokkaMonday, 08 January 2018 09:05 AM

අනුන්ගේ ව්‍යාපෘති තමන්ගේ වගේ විවෘත කරමින්, ලක්ෂ 62 ක් සතුටු කිරීමට ඔබ ගන්නා උත්සාහය විශිෂ්ඨයි. මහ බැංකුව දියුණු කලාක් මෙන්, රටේ ඉතිරි බැංකු ටිකද දියුණු කිරීමට ඔබතුමා ඇතුළු ආණ්ඩුවට ශක්තිය ලැබේවා..!!!

:       761       809

MuhanMonday, 08 January 2018 01:07 PM

මෙය ජලාශය හැර මහවැලියේ අනෙකුත් ජලාශය 1994 වෙනකොට එජාප හදලා තිබුනේ. චන්ද්‍රිකා මැතිණිය මෙම ජලාශය හදන්න සැලසුම් සකස් කරලා තිබුනේ. නමුත් මහරජ කිසිවක් කලේ නැහැ. ජනාධිපතිතුමා මහවැලි ඇමති කලේ එතුමාගේ උනන්දුව නිසා මේකට මුල්ගලක් තිබ්බා. එය ඉදිකිරීමට මුදල් වෙන් කලේ නැහැ. පසුව එතුමාගේ ඇමති කමත් මාරු කලා. වත්මන් ජනාධිපතිතුමා එජාපයේ සහයෙන් බලයට පැමිණි පසු මෙයට මුදල් වෙන්කර වැඩ අවසන කළා. අවසානයේදී වුනේ එජාපය අරම්භ කළ කඩිනම් මහවැලිය අවුරුදු 21 එකකට පසුව (1994 සිට 2015 දක්වා ) එම පක්ෂයටම අවසාන කරන්න සිදුවුණා. දැන් මේ කතාවට මහරජාගේ වහලුන්ට මළ පනියි.

:       13       63

MuhanMonday, 08 January 2018 01:07 PM

මෙය ජලාශය හැර මහවැලියේ අනෙකුත් ජලාශය 1994 වෙනකොට එජාප හදලා තිබුණේ. චන්ද්‍රිකා මැතිණිය මෙම ජලාශය හදන්න සැලසුම් සකස් කරලා තිබුනේ. නමුත් මහරජ කිසිවක් කලේ නැහැ. ජනාධිපතිතුමා මහවැලි ඇමතිකලේ එතුමාගේ උනන්දුව නිසා මේකට මුල්ගලක් තිබ්බා. එය ඉදිකිරීමට මුදල් වෙන් කලේ නැහැ. පසුව එතුමාගේ ඇමතිකමත් මාරු කලා. වත්මන් ජනාධිපතිතුමා එජාපයේ සහයෙන් බලයට පැමිණි පසු මෙයට මුදල් වෙන්කර වැඩ අවසන කළා. අවසානයේදී වුනේ එජාපය අාරම්භ කල කඩිනම් මහවැලිය අවරුදු 21ට පසුව (1994 සිට 2015 දක්වා ) එම පක්ෂයටම අවසාන කරන්න සිදුවුණා. දැන් මේ කතාවට මහරජාගේ වහලුන්ට මළපනියි නේද?.

:       26       2

sarath Monday, 08 January 2018 08:16 AM

හරිම සතුටුයි. මෙය සාර්ථක කරගැනීමට මහන්සි වූ සැමට ස්තුතියි !

:       0       202

යහපාලනය Monday, 08 January 2018 08:26 AM

යහපත් පාලනය = යහපාලනය. වැඩට ගිය මුදල = පිටරට ආධාර ලංකා ආණ්ඩුවේ වියදම. මින් පෙර, වැඩට ගිය මුදල සාක්කුවට ගිය මුදල = පිටරට ආධාර ලංකා ආණ්ඩුවේ වියදම .

:       159       81

ඒයර් ලංකා Monday, 08 January 2018 08:31 AM

ඒයර් ලංකා කොමිසන් අද නොවේ හෙට ?

:       19       16

Ruwan Monday, 08 January 2018 08:32 AM

ඉතාමත් වැදගත් වූ මහවැලි ව්‍යාපෘතියේ අවසානය මෙසේ සනිටුහන් වන වගයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ඇරඹු එම දැවැන්ත ව්‍යාපෘතිය මෙරට එකම ප්‍රධාන ව්‍යාපෘතිය විය. නැවුම් දෙයක් ලොවට දුන් පක්ෂයක් ඇත්නම් එය එක්සත් ජාතික පක්ෂය නායකත්වය දී ඇත. ජනපති තුමනි, පෙර ගමන් සුබයි. ගලන ගඟකට පොඩි ගලක් තියෙනකොට පොඩ්ඩක් ලස්සන එකතු වනවාසේම, හෙලකට වැටෙන විට සුන්දර දිය ඇලි මතුවනවා. ඔබගේ රජයටත් මෙවන් දේ කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

:       325       1551

රජින්ද Monday, 08 January 2018 09:53 AM

රුවන් මහත්මයෝ, නින්දෙන් දැන්වත් ඇහැරෙන්න... ඔබ ඔය කියන පක්ෂෙ අයම තමයි ලාංකීය ඉතිහාසයේ නරකම පුර්වාදර්ශයත් දුන්නේ. මේ රටේ සිද්ධ වෙච්ච දරුණුම මූල්‍ය වංචාවත් වුණේ ඔබ ඔය කියන පක්‍ෂයම නිසයි. ඒ නිසා වැඩිය උදම් අනන්න යන්න එපා.

:       259       324

deshanTuesday, 09 January 2018 06:30 AM

රුවන් කියන්නෙ රනිල් දාපු සල්ලි වලට යු.එන්.පි එකේ කුණු හෝදන කෙනෙක් මිසක් බුද්දියක් ඇතුව කතා කරන කෙනෙක් නෙමයි. එක නිසා මේ වගේ කොන්ද කඩා ගත් නිවටුන් කියන දේවල් ගැන එච්චර හිතන්න ඕනේ නැහැ ............

:       0       74

පොහොට්ටුව Monday, 08 January 2018 08:35 AM

පොහොට්ටුවට යන කල .

:       529       724

banda Monday, 08 January 2018 08:45 AM

ඔබ ජනාදිපති නොවන්නට අදටත් මෙය සිහිනයකි...

:       845       1332

Nalin Perera Monday, 08 January 2018 08:51 AM

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5කි. පල කිරීමට පෙර මේවා කියවන්න.

:       48       55

chandana dharmapriya Monday, 08 January 2018 09:07 AM

මේවා තමයි කරන්න ඕනේ පරම්පරා සිය දහස් ගණනකට සෙත සිදුවෙනවා ...

:       0       28

Sanjaya Monday, 08 January 2018 09:08 AM

වැඩක් නැහැ. ඔය මොනවා කරත් දැනට මහ බැංකුව සුද්ද කරපු විදියටයි. සබිතාගේ බිල්ඩින් එකට මාසෙකට කෝටි දෙකක් දෙනවා කියලා කියන විදියට නම් ඡන්දයක් ලැබෙන්නේ නැහැ.

:       53       214

duminda Monday, 08 January 2018 09:11 AM

2007දී සිටවූ ගසක ඵල නෙලීමකි.

:       110       228

රංග Monday, 08 January 2018 09:24 AM

ජනාධිපති උතුමාණන්ට මොරගහකන්ද හදලා හරි මහන්සි ඇති...නේද? උඩ අදහස් දාපු අයටත් හරි මහන්සි ඇති ඒක හදනවා බලන් ඉඳලා..!

:       58       111

sameera Monday, 08 January 2018 10:11 AM

2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය කාගේ වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මහජන මුදල් මහා පරිමාණ ලෙස මෙවැනි උත්සව සඳහා නිරපරාදේ දේශපාලන ප්‍රචාර සඳහාම පමණක් නාස්ති කරන්නේ.

:       32       81

pahan Monday, 08 January 2018 10:21 AM

ඇමරිකන් ඩොලර් 557 ගිහිල්ලා තියෙන්නේ

:       25       1

ashan Monday, 08 January 2018 11:23 AM

ඔව්, රංග හිටපු කෙනා වරාය හදලා, යුද්ධය දිනලා මහන්සි වුනා වගේ තමයි. කුහක වෙන්න එපා... මේක රට වෙනුවෙන් කරපු දෙයක් ඉස්සර වගේ කොමිස්වලට කරපු තේරුමක් නැති දෙයක් නෙවෙයි.

:       7       81

indunil Tuesday, 09 January 2018 02:04 AM

රුවන්වැලි දාගැබ දුටුගැමුණු රජතුමා ඉදිකළ සද්දාතිස්ස රජතුමා විසින් සම්පූර්ණ කලත්......ඉතිහාසයේ කියවීම කුමක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට
2025 ජනවාරි මස 16 1072 0

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පි


බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට
2025 ජනවාරි මස 16 483 0

තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.


විදුලි බිල පහතට
2025 ජනවාරි මස 16 1079 0

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (16) විදුලිය ගාස්තු පහත දැ


පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
2025 ජනවාරි මස 16 405 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හි


ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්
2025 ජනවාරි මස 16 278 0

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.


මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
2025 ජනවාරි මස 16 1108 0

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 295 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 575 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 318 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site