IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොරගහකන්දේ ජලය වැව්වලට දෙන්නැයි ඉල්ලති

(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්දේ රඳවා ඇති ජලය වැව්වලට මුදා හරින්නැයි බලකරමින් පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසියෝ පිරිසක් අද (22)  මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයට පැමිණ ඉල්ලීමක් කළහ.

මෙවර යල කන්නය සඳහා මහවැලිය මගින් ලබාදෙන ජලය තම  වැව් වලට ලබා නොදී මොරගහකන්ද ජලාශය පිරවීමේ කටයුතු සිදුකරන බවට චෝදනා නගමින් පොලොන්නරුව,ගීරිතලේ,මින්නේරිය,කවුඩුල්ල සහ කන්තලේ ප්‍රදේශවල ගොවි නියෝජිතයෝ  මෙලෙස එම කාර්යාලයට පැමිණියහ.

එහි නියෝජ්‍ය කළමනාකාර ඩී .බී . විජේරත්න  මහතා කියා සිටියේ මොරගහකන්ද ජලාශය හරහා මේ වනවිට විදුලි උත්පාදන ක්‍රියාවලියක් සිදුවන බවත් එම ව්‍යාපෘතිය අත්හදා බැලීමට අවශ්‍ය ජල ප්‍රමාණය ජලාශයේ රඳවා ගැනීමට උපදෙස් ලැබී තිබෙන බවත් ය.

එම විදුලි උත්පාදන ක්‍රමවේදය සති  2 කින් පසුව ක්‍රියාත්මක වන බවත් ඉන්පසුව රඳවාගෙන ඇති ජලය පහළ ප්‍රදේශවලට ලබා දීමට හැකි බවත් ඒ මහතා කීය.

එම යෝජනාවට පැමිණි සිටි ගොවීන්ගේ විරෝධය එල්ල වූ අතර ගොවීන් පැවසුවේ මේ වනවිට කන්න  තුනක් වගා නොකිරීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් මොරගහකන්ද ජලාශයේ ජලය වහාම වගා සදහා ලබා දිය යුතු බවත් ය.

මේ වනවිට මොරගහකන්ද ජලාශය අක්කර අඩි එක්ලක්ෂ 55,000 ක ප්‍රමාණයක් පිරී පවතින බවත් තවත් ජලය අක්කර අඩි 60000 ක් පමණ වීදුලි උත්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය බවත් විජේරත්න මහතා කීය.

ගොවීන් පිරිසක් තම කාර්යාලයට පැමිණ ජලය ඉල්ලා සිටින බව අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඔහුගෙන් විමසන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඉල්ලීමක් කළේය.අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අමාත්‍යංශයේ අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හෙයින් ලේකම්වරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා සම්බන්ධ කරගැනීමට නොහැකි බව කියැවිණි.

එමෙන්ම තව දින කිහිපයක් ඇතුළත ඉහළ නිලධාරීන් දැනුවත් කර ජලය ලබාදිය හැකිද නොහැකිද යන්න ‍දැනුම් දෙන බව විජේරත්න මහතා පැවසීය. ජලය නිකුත් කිරීමට හෝ රඳවා තැබීමට තමාට බලයක් නොමැති නිසා ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගන්නා බව විජේරත්න මහතා දැනුම් දුන්නේය.
 
ඒ අනුව දින තුනක කාලයක් ව්‍යාපෘති නිලධාරීන්ට ලබාදී ගොවීන් කාර්යාලයෙන් ඉවත් වූහ.


 



අදහස් (1)

මොරගහකන්දේ ජලය වැව්වලට දෙන්නැයි ඉල්ලති

සෙනෙවි Wednesday, 22 November 2017 12:22 PM

මෙවැනි තත්වයක් උදාවේ යැයි කලින්ම සැක කල වාරිමාර්ග දෙපාර්තමේන්තුව මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ පාරිසරික ඇගයීම් කමිටුවේදී කරුණු දැක්වීම නිසා මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පොලොන්නරුව දිසාපති අතරේ ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කලා ඇලහැර සහ අංගමැඩිල්ල අමුණු වලින් පෝෂණය වන පොලොන්නරුවේ වැව් පද්ධතියේ ප්‍රවේණි අයිතිය රකින බවට. එම ගිවිසුම් අදාල ආයතන 3 සහ පරිසර අධිකාරියේ ඇත. මේ ගිවිසුම කඩ කලහොත් නීති මගින් පියවර ගැනීමට හැකියාව ඇත

:       0       123

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site