(මනෝප‍්‍රිය ගුණසේකර)
රුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලූවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප‍්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (7) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 8කට පෙර සිදුවු විරසකයක් හේතුවෙන් විත්තිකරු මෙම අපරාධය සිදුකළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා තීරණය කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප‍්‍රාණය නිරුද්ධ වනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මෙලෙස මරණීය දඬුවම් නියම කරන ලද්දේ බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පදිංචි බොරලැස්ගමුව රන්ජන් ලී මොලේ ප‍්‍රධාන බාස්වරයා ලෙස කටයුතු කළ පේ‍්‍රමතිලක බාලසුරිය නමැත්තාටය.
2010 සැප්තැම්බර් මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරලැස්ගමුවේදී කේ. ලයනල් හෙවත් පොඩි මල්ලී නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුරකරුට අතකොලුවෙන් පහරදුන් බාස්ට මරණ දඬුවම