IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැයි දිනය කල් දැමුවත් මැයි රැළි කිහිපයක් හෙටත්

(නාලක සංජීව දහනායක)

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සව මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රජය විසින් කල් දැමුවද, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති කිහිපයක් හෙට (1) මැයි දින සැමරුම් පවත්වති.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින සැමරුම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (1) පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතය.

එහිදි කම්කරු සටන්වලට නායකත්වය දුන් ටී.බී ඉලංගරත්න, භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, අලවි මව්ලානා, ආනන්ද දසනායක, ඞී.සී වීරසේකර වැනි දිවංගත කම්කරු නායකයන්ට ජනාධිපතිවරයා විසින් උපහාර පිදීමට නියමිතය.
       
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කම්කරු සැමරුම් උත්සවයක් හෙට (1) පස්වරු 2.00 නාරාහේන්පිට, අභයාරාමයේ දී පැවැත්වේ. එම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එය සංවිධානය කරති. එහිදි දැනට ජීවත්ව සිටින කම්කරු නායකන්ට උපහාර පිදීමක් සිදුකරන අතර මියගිය කම්කරු නායකයන්ට පිං පැමිණ වීම සිදුකිරීමට නියමිතය.
              
සමාජවාදී ජනතා පෙරමුණ හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය විසින් පවත්වනු ලබන මැයි දින රැළිය පස්වරු 3.00ට නාරහේන්පිට, ශාලිකා ශාලාවේදී පැවැවේ. 

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන,ලංකා සම සමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, සමාජවාදී ජනතා පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් රාජා කොල්ලූරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර ඇතුළු විශාල පිරිසක් මෙහිදී ජනතාව ඇමතීමට නියමිතය.

‘ඇත්ත වෙනසකට වමේ බලයක් ”තේමාව යටතේ පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය මැයි රැළිය පැවැත්වේ. මැයි පෙළපාළිය පස්වරු 11.00ට මරදාන එල්ෆිනිස්ටන් රඟහළ අසලින් ආරම්භ වන අතර මැයි දින රැළිය පස්වරු 2.00ට පැවැත්වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සංවිධානය වෘත්තීය සමිති 58ක් ඒකාබද්ධ කරගනිමින්  පවත්වනු ලබන මැයි දින සමුළුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට කොළඹ, ජේ. ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.

එහිදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට හා පොදුවේ කම්කරු පංතියට අදාළව යෝජනා 08ක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ද අදහස් දැක්වීමට නියමිතය.
 



අදහස් (5)

මැයි දිනය කල් දැමුවත් මැයි රැළි කිහිපයක් හෙටත්

Sapumal. Monday, 30 April 2018 10:49 AM

මේ අනුව බලන විට,සිරිසේන සහ මහින්ද යන දෙදෙනාම මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම් ගණන් අරගෙන නැහැනේ. ඒ උනාට මැයි දිනේට හත් වෙනිදා නිවාඩු. ඉතින් මේ කරන දෙයක් එදාටම කරගන්න ඉඩ තිබුණනේ.

:       14       29

ජයරත්න Monday, 30 April 2018 01:37 PM

මහනායකවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කන් දුන්නා හොඳටම ඇති. රෙජිනෝල්ඩ් කුරේට මධ්‍යම ආණ්ඩුකාරකම ගන්න ඔය කට්ටිය ඉඩ නොදුන්නේ කුලවාදය නිසා කියලා දැන් රටම දන්නවා. මැයි දිනය වෙනස් කරන්න ජීවිතේ කිසි දිනක ශ්‍රමය වගුරපු නැති පිරිසකට තියෙන අයිතිය මොකක්ද?

:       0       0

Sunil Monday, 30 April 2018 11:30 AM

ජාත්‍යන්තර මැයි දිනය වෙනස් කල පළමු රට ශ්‍රී ලංකාවද? ගිනස් වාර්තාවක්වත් ද?

:       2       36

Sanath Monday, 30 April 2018 12:10 PM

වෙසක් උත්සවය ඉස්සරහට ගත්ත නිසා මිනිස්සුන්ගේ ජීවන කාලසටහන අවුල් වුනා.

:       1       17

de silva berlin Monday, 30 April 2018 01:26 PM

ජාත්‍යන්තර කම්කරු දිනය හෙට අපි විතරක් නෙමේ ලෝකේ හැමෝම සමරන්නේ මෙදිනට අපි විතරක් කොහොමද මේක වෙනස් කරන්නේ? ලෝකයේ නිවාඩු වැඩියෙන්ම තිබෙන රට ලංකාව... සෑම මසකම පෝය නිවාඩු දිනයක්... හින්දු බැතිමතුන්ගේ නිවාඩු දිනවල, ක්‍රිස්තියානි නිවාඩු දින, මුස්ලිම් නිවාඩු දින මෙවැනි දිනවල හැමෝටම නිවාඩු... නිදහස් දින හැමදාම මෙහෙම නිවාඩු පිට ඉන්නකොට රටක් කොහොමද දියුණු වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site