(කාංචන කුමාර ආරියදාස)
ලෝක කම්කරු දිනය සමරන්නට පෙර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට තීරණය කර තිබෙන බවත් එමෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශය ද බොහෝ දුරට වෙනස් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඹුල්ලේදී අද (27) ප්‍රකාශ කළේය.
රංගිරි දඹුල්ල රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේට සියම් මහා නිකාය අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරය සඳහා වූ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝයා වහන්සේලා අනුශාසනා කතාවේදී ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරමින් කියා සිටියේ රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සිතුවම් මෙන්ම සංරක්ෂණ කටයුතු ඇනහිටීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවේදී ඒ බව මතක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ බොහෝදුරට භික්ෂූන් වහන්සේලාට සිතුම් පැතුම් ඉටුවන යුගයක් සූදානම් කොට ඇති බවයි.
ඒ පිළිබඳව දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
" අපේ ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනාව තුල කරුණු කිහිපයක් පැහැදිලි කළා. අපේ හාමුදුරුවනේ මම හිතනවා ඔබ වහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වෙලාවට නිරාකරණය වෙලා. තව දින දෙකකින් තුනකින් ඔබ වහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ ගැන මම විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කරනවා. ඒ මොකද ලෝක කම්කරු දිනය මැයි දිනය උදෑසන පත්වෙන රජය අලුත් ඇමති මණ්ඩලය තුළ ඔබ වහන්සේලාගේ ප්‍රශ්නය මම විසඳලා තියෙනවා කියල බොහොම ගෞරව පූර්ව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ."



COMMENTS
අනේ මහත්මය අපිට ඔය කැබිනට් මාරුවෙන් වැඩක් නැහැ. කරුණාකරලා ජීවන වියදම අඩු කරලා දෙන්න.
කවුරුහරි දන්න කෙනෙක් මට කියනවද ලංකාවේ විධායක ජනාධිපතිවරයට ව්‍යවස්ථාවෙන් පැවරිලා තිබෙන කාර්යය කැබිනට් ඇමතිවරු පත්කිරිම හා ඉවත් කිරිම විතරද කියලා?
ඉන්න ටිකම අතනින් අරන්, මෙතනින් තිබ්බට අලුත් කැබිනට් එකක් වෙන්නේ නෑ. ඔය සංගීත පුටු තරගේ අපිට තිත්තයි දැන්. පුලුවන්නම් ඔය රොත්ත 50 කට අඩු කරලා පෙන්නන්න.
මේ ජනාදිපති කියන ඒවා විශ්වාස කරන්න පුලුවන්ද?
අපිට හැමදාම වුනේ මේ ගොල්ලන්ගේ කතාවලට රැවටෙන එක විතරයි. සභාග ආණ්ඩු අපේ රටට හරියන්නේ නැහැ. මේක හරියට අතකුයි, කකුලකුයි නැති මිනිසා අත කකුල හැටියට බාවිතා කරමින් ඇවිදින්න උත්සහ කිරීම වගෙයි. මේ දෙන්නා බලය බෙදා ගන්න බැරුව ජල්ලි අල්ලනවා. රට පාලනය වෙන්න නැහැ.. දූෂණය ඔලුවට උඩින් පාරේ වාහනයක් එලවන්න බැහැ. කිසිම විනයක් නැහැ. මොටර් බයිසිකල් ත්‍රිවීල් මාර්ග නීති ඔක්කොම කඩාගෙන පාරේ යන්නේ වෙන වාහනයකට යන්න බැහැ.. විනය ආරක්ෂා කරන්න ඉන්න පොලිසිය කිසිම දෙයක් කරන්නේ නැහැ. හොරකම, මැරකම හැම තැනටම ඔඩු දුවලා කාට කියන්නද? අහෝ මගේ රටට වුණු දෙයක්...
ශ්‍රීසෙන් මහතාණෙනි, ඔබතුමා බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ නැත. සියලු හොරුන් අල්ලා සිරගෙවල් පුරවනවා යයි බෙරිහන් දුන් ඔබ අදක්ෂයෙකු බව ඔප්පු කොට හමාරය. අවසානයේ ඔබ හොරුන් සමග එකතුව අලුත් ගමනක් යාමටද හැකි උපරිම අයුරින් උත්සාහ කළේය. නිල්පාට හා සම්බන්ධ හොරුන් ආරක්ෂා කොට බැඳුම්කරේ ගැන පමණක් සෙවීමටත්, ඒ ගැන පමණක් කතා කිරීමත් නිසා ඔබත්, පක්ෂයත් අන්ත පරාජයට පත්විය. ප්‍රතිවාදියා පන්නා දැමීමට උපක්‍රමශීලීව සිදුකල විශ්වාස භංගයෙන් ශ්‍රීලනිපය දෙකට තුනට කැඩී ගියේය. පොදු අපේක්ෂකයා හැටියට අපගේ ඡන්දයෙන් පැමිණි ඔබ පක්ෂග්‍රාහී නොවී සිටියේ නම්, නැවත ඔබ ජනාධිපති වන්නේය. ගාමිණී ජයවික්‍රම මෙම ඇමැතිකමට නුසුදුසු බව අපිද දනිමු.
ඇයි පක්ෂ, පාට බලා වැඩ කරන්නේ? මොන දූෂිතයා හරි කමක් නැහැ පක්ෂය මුලට, ජනතාව අවුලට... එතකොටනේ රට දියුණු වෙන්නේ. විධායක ජනාධිපති බලතල තාම නැතිකරමින් ඉන්නවා.
රට ආපස්සට අරන් යන මෝඩ රැළක්...
අනේ ඉතින් පරණ දිරච්ච අඹ ලෑලිවලින් අටෝන ඔය " මූසල කැබිනට්ටුව" අපේ දුප්පත් පොල්අතු නිවසේ පිලේවත් තියන්න අපිනම් කැමති නැත. මොකද " ඔය මුසල කැබිනට්ටුව" දැක්කොත් අපේ එදාවේල හොයාගන්න දවසත් කාලකන්නි වෙනවා.
ගලවයි ඔටුනු හොරරැළගේ... තවත් වරක් පළඳයි නැවතත් ඒ ඔටුනුම.. නැවත වරක් රටකට යන කලට.. සංවර්ධනයට නැහැනේ ඉඩක්... දෙවියනි, දෙන්න මොවුන් නැහෙන්න ක්ෂණික අණක්..
අනේ මන්දා... ඉස්සර හාමුදුරුවරු රට, ජාතිය ආරක්ෂා කලා කියනවා. දැන් සමහර හාමුදුරුවරුන්ට සන්නස් පත්තරයක් වත් දීගන්න බැහැ දේශපාලකයින් නැතුව...
ඔළුගෙඩි මාරු කිරීමෙන් වෙනසක් වෙන්නේ නෑ. අපි උන්න වගේමයි. රට දවසින් දවස පහලට. මේවට ඡන්ද දායකයින් වන අපි වගකියන්න ඕනේ. ඊළඟ ඡන්දෙට වත් කොන්ද පණ තියෙන නායකයෙක් පත් කරගමු.
යුගයේ මිනිසා ඔබයි. යුක්තියේ මිනිසා, ශක්තියේ මිනිසා ඔබයි.
ඔබගේ කතාව පමණි. ඇමතිලා තීරණය කරන්නේ ඔබ නොව සහෝදර ඩඩ්ලිය....
මොහුට කෙලින් තීරණ ගැනීමට හැකියාවක් නැත. ජනතාව මින් ඉදිරියටවත් බුද්ධිමත්ව කටයුතු කළයුතුය.
කවුරු කොහොම කිව්වත් රටේ ජනප්‍රියම නායකකම මෛත්‍රි මැතිතුමාමයි.
කවුරුත් වැඩ රාජකාරිවලට යන දවසක්ම ඔය වැඩේට තෝරගත්ත එක නම් හොඳයි.
ඔබතුමාගේ නම ඉතිහාස ගත වෙනවා... වැඩ බැරිම ජනාධිපති වශයෙන්... හරිම දුකයි.
රටකට ඕනේ අපමණ අගයක්.. ඒකට ඕනේ මෛත්‍රී යුගයක්. රට තිරසාර සංවර්ධන යුගයක් කර ගෙය යන නියමුවා ඔබයි.
මෙතුමාට මුල අමතක වුණා... කව්ද ඔය තැනට පත්කෙරුවේ කියලා. ඒ තැනට එන්න දුන්නු පොරොන්දුත් අමතක කළා. අන්තිමට අර දූෂිත නඩේ එක්කම එකතු වුණා බල තන්හාවට. දූෂිතයින්ගේ ලණුත් කෑවා. ඒ විතරක් නෙමේ... අසරණ අපිවත් කෑවා.
මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිසම නොව පැන්සොං එක, සහ ලැබෙන වෙනත් වරදාන ආරක්ෂා කර ගැනීමට කරනු ලබන්නාවූ සුවිශේෂ කාර්ය භාරයකි.
ඔය කියන්නේ මෝඩි ඇන්දා වගේ අර අඳින කෝට් එක දාන කැබිනට් එකද? රටේ ජනතාව විඳින දුක්ගැහැට ගැන කිසිම ගානක් නැති නායකයෙක්...
මේ නිවටයා කැබිනට් එක හදනවා, රට පාවා දෙනවා. නැතිව අන් කවරෙක්ද?
මේ අවුරුදු 3 ට මොරටු බාස්ලා හොඳට හම්බකොරන්න ඇති කැබිනට් හදලම. මෙයා හිතනවා කැබිනට් මාරුකලාම ගේ ලස්සන වෙනවා කියලා. ඉස්සෙල්ලා ගෘහ මූලිකයා මාරු කොරන්න.
එදාට නිකම් ඉන්නේ නැතිව මොනවා හරි කරන්න එපායැ