IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මියගිය ගණන 21 ක්- මළ සිරුරු ගමට ගෙන ආ යුතු යයි කියමින් ඥාතීහු විරෝධය දක්වති

(තරිඳු ජයවර්ධන,ඉන්දිකා රාමනායක,ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටී‍මෙන් මිය ගිය ගණන 21 දක්වා ඉහළ ගොස් ඇත. මියගිය 10 දෙනකුගේ මළ සිරුරු මේ වන විට මීතොටමුල්ල වෙත රැගෙන ආවේය.

මීට සුළු මොහොතකට පෙර මළ සිරුරු හතරක් කොලොන්නාව  පුරාණ රජමහා විහාරයට  ගෙන ආ අතර මීතොටමුල්ල බස් ඩිපෝව අසල සැකසූ අට්ටාලයක මළ සිරුරු හතරක් තැන්පත් කර ඇත.මළ සිරුරු දෙකක් යාබද නිවසක තැන්පත් කර තිබේ.

මළ සිරුරු කොලොන්නාව  පුරාණ රජමහා විහාරයට රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් මළ සිරුරු ගමට ගෙන ආ යුතු බව කියමින් මිය ගිය අයගේ ඥාතීහු විරෝධය දැක්වූහ.

තුවාල ලැබූ 11 දෙනෙක් මේ වන විට රෝහල් ගත කරනු ලැබ සිටිති. අතුරුදන් වූ ගණන පිළිබඳ කිසිදු වගකිව යුතු ආයතනයක් මේ වන තෙක් ප්‍රකාශයක් කර නැත.

පූර්ණ හානි නිවාස 145ක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.තවදුරටත් අවදානම් නිවාස හඳුනාගෙන එහි පිරිස් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.



අදහස් (3)

මියගිය ගණන 21 ක්- මළ සිරුරු ගමට ගෙන ආ යුතු යයි කියමින් ඥාතීහු විරෝධය දක්වති

Angoda Lal Sunday, 16 April 2017 06:47 AM

මොවුන්ගේ වේදනාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ගේ ඉල්ලීම් ගැන කාරුණිකව සවන් දීම බලධාරීන්ගේ වගකීම. එහෙත් මට තිබෙන ප්‍රශ්නය මෙය නෙමෙයි. මේ විනාශයට සහ ජීවිත හානිවලට වගකිව යුතු මේ රටේ පරිසර ඇමතිවරයාට, බස්නාහිර පළාත් සභාවේ මහඇමතිවරයාට, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයාට විරුද්ධව නඩු පවරා දඬුවම් දීමට මුලික වෙන්නේ කවද? කියන එක. මීතොටමුල්ලේ අසරණ ජනතාව අවුරුදු ගණනාවක් තිස්සේ අරගල කරපු ප්‍රශ්නයට අද කාගේත් අවධානය යොමු වුනත් ඒ වෙනුවෙන් මේ අහිංසක ජනතාවට ගෙවන්න වුණ වන්දිය ඉතාමත් කුරිරු එකක් වුන එක තමයි මට තියෙන ලොකුම වේදනාව . .

:       8       100

Lanka Sunday, 16 April 2017 08:20 AM

කුනු කන්ද ගෙනිහින් දමන්න පාර්ලිමේන්තු සංකීර්ණ⁣යට ...

:       0       81

nihal Sunday, 16 April 2017 09:35 AM

කුණුවලට ඉඩදී ජීවිත හැරදා ගමබිම් හැරදා පිටව යනු මිනිසුනේ.. එය තමා මේ පාලකයන් නුඹට දුන් එකම දෙය නව අවුරුදු උදාවේදී ............

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 921 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site