IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මිනිස් ජාවාරමේ යෙදුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක්ලු

විනීතා එම් ගමගේ
 
නීති විරෝධී අන්දමින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ඉතාලියට ගෙන යමින් සිටියදී  එරට ගුවන් තොටුපොළක දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙකු බව අනාවරණය වී තිබේ.
 
ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යංශය ඔහුගේ වැඩ තහනම්  කිරීමට කටයුතු කර ඇතැයි කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම තැනැත්තා ලෙබනනයේ හා ජෝර්දානයේ තානාපති කාර්යාලවල සේවය කර ඇති අතර ඉකුත් 07 වැනිදා විදේශ ගත වී ඇත්තේ එසේ විදේශ ගත වීමට අවශ්‍ය පුර්ව අනුමැතියකින් තොරව යැයි ද මේ  පිළිබඳව ලංකාදීප කළ විමසුමක දී කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ලංකාදීපයට පැවැසීය.
 
ඉතාලියේ මිලාන් නුවර  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ඉකුත් 17 දා එවන ලද ෆැක්ස් පණිවුඩය මගින් ශ‍්‍රි ලාංකිකයෙකු එරට ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව දැනුම් දී ඇත. ඔහුගේ ගමන් බලපත‍්‍රය හා රියදුරු බලපත‍්‍රයේ පිටපත් සමග එම දැනුම්දීම කර තිබූ අතර ඒ බව විදේශ කටයුතු අමාත්‍යංශය  ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද දැනුම් දී තිබිණි.
 
මෙසේ අත්අඩංගුවට ගත් කාර්යාංශ නිළධාරියා ජොර්දාන් සහ ලෙබනන් රාජ්‍යයන්හි පිහිටි ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලවල 2012 අගෝස්තු මස සිට 2015 පෙබරවාරි මස දක්වා රාජ්‍යතාන්ත‍්‍රික තනතුරක රාජකාරි කර ඇති අතර, ඒ සඳහා රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර ඔහුට, ඔහුගේ බිරිඳට හා දරුවන් තිදෙනාටද නිකුත් කොට ඇත.
 
එම නිළධාරියා 2015 පෙබරවාරි මස දිවයිනට පැමිණි පසු එම රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් අවලංගු කර ඇති අතර, නැවතත් ඔහු 2015 ජූලි මාසයේ රාජකාරි ගමන් බලපත‍්‍රයක් ලබාගෙන ඇතැයි කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද 2016 වසරේ අගෝස්තු මාසයේදී සාමාන්‍ය ගමන් බලපත‍්‍ර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.



අදහස් (1)

මිනිස් ජාවාරමේ යෙදුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක්ලු

sirimal Thursday, 20 September 2018 01:41 PM

ඒ කාලයේ ලෝකය වටේ සියලුම තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවල උඩ සිට පහල දක්වා සියලුම තනතුරු පිරෙව්වේ දේශපාලන පිරිසගෙන්. සමහරු සේවයෙන් ඉවත් කලත් තවමත් ඒ රටවල නැවතී ඉන්නවා. මේ සියලුම දෙනා වගකිවේ ආණ්ඩුවට හෝ විදේශ කටයුතු අමාත්‍යංශයට නොවේ. තමන්ට රස්සාව ලබාදුන් දේශපාලඥයින්ටයි. ඒගොල්ලන්ගේ මහා පරිමානයේ ගසා කෑම් සහ ගනුදෙනු සම්බන්ධයෙන් දැන් නඩු පවා පැවරී තිබෙනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site