IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මනුෂ්‍ය ඝාතන සිදු කළැයි මරණ දඬුවම්

(ඩී.ජී.සුගතපාල)

පුද්ගලයකුට පහරදි බරපතල තුවාල සිදුකර , ඔහුගේ  බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධ අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී.එස් නිශ්ශංක මහතා අද  (04)මරණ දණ්ඩනය නියම  කළේය.

මෙසේ මරණිය දණ්ඩනය නියමවුයේ ගජනායක පතිරගේ රංජිත් කුමාර හෙවත් අලි කුමාර නමැති විත්තිකරුවෙකුටය.
 
හිනිදුම පොලිස් වසමට අයත් හබරකඩ තවලමදි 2004 ජූලි 31වනදින නිති විරෝධි රැස්විමක සාමාජිකයින්විම ඕපාත කංකානම්ගේ නන්දාවති (41) යන අයගේ මරණය සිදු කිරිම එම ක්‍රියා කලාපයේදිම තුඹගොඩ ගණිතගේ ටිල්සන් යන අයට පහරදි තුවාල සිදු කොට මිනි මැරිමට තැත් කිරිම ඇතුලු අධි චෝදනා පහක් යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
 
සිද්ධියවු දින රාත්‍රි හතට පමණ තුවාලකරුවන ටිල්වින් යනඅය කෙසෙල් ගෙඩි විකුණා නිවසට එමින් සිටියදි විත්තකරු පැමිණිල්ල නොදත් අන් අය සමග පහරදි පසුව නිවසට ගොස් ඔහුගේ බිරිඳට පොල්ලකින් පහරදි ඝාතනය කර ඇති බවත් විත්තිකරු වෙනත් අපරාධයක් සඳහා මේ වනවිට බලපිටිය මහාධිකරණයෙන් පනවන ලද දස අවුරුදු සිර දඩුවමක් විඳිමින් සිටින අයෙකු බවත් එම සිර දඩුවම අවසන් විමට ඇත්තේ තවත් මාස දෙකක කාලයක් බවත් නඩු විභාගයේදි අනාවරණය විය.
 
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් හේතුකොටගෙන මෙම අපරාධය කර ඇති බවත් නඩු විභාගයේදි අනාවරණය විය.විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත්කල නිතිඥ දස්නි පියසිරි මහත්මිය පෙනි සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් හිනිදුම පොලිසියේ සැරයන් හේවාගම (9838) මහතා අධිකරණයේ පෙනි සිටියේය.



අදහස් (0)

මනුෂ්‍ය ඝාතන සිදු කළැයි මරණ දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site