IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රකාශයක් කිරිමට සැරසෙයි

තිළිණි ද සිල්වා 

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට රජය මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග වල ප‍්‍රගතිය ගැන මහකොමසාරිස්වරයා මෙහිදී කරුණු දක්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
පසුව එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙනු ඇතැයිද සඳහන් වේ.
 
‘‘       මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක‍්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගත්තා. 
 
එහි නිර්දේශ ක‍්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය 2017 වසරේ දී තවත් වසර 02 කට දිගු කරනු ලැබුවා.  ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු 34 - 1 යෝජනාව යටතේයි.‘‘

 
එම යෝජනාවට අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 37 වන සැසිවාරයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. 
 
අදාළ සැසිවාරය ලබන 28 වැනිදා සිට  මාසයේ පැවැත්වෙන අතර ඒ අනුව මාර්තු 21 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අදාළ ප‍්‍රකාශය සිදුකරනු ඇති.
 
මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිදු කරන එම ප‍්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙරට රජයේ නියෝජිත පිරිසක්ද ජිනීවා බලා පිටත්ව යෑමට නියමිත අතර  ඔවුන් මෙහිදී ශ‍්‍රී ලංකාව මානව හිමිකම් අතින් ලබා ඇති ප‍්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කරනු ඇත.



අදහස් (1)

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රකාශයක් කිරිමට සැරසෙයි

Aluthgama A. Samathasena. Monday, 19 February 2018 11:19 AM

ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු ආයතනයක වැඩකරන එක්තරා මාධ්‍යවේදියෙකු 2015, 2016 සහ 2017 වර්ෂ වල ලෝක කුසලාන තුනක් තම මව්බිමට දිනා දුන්නා. මෙයින් දෙකක්ම ලොව සියලු රටවල් පරදා පළමු ස්ථාන ගත්තුවා. එකක් දෙවැනි තැන... ඔහු මේ බව මේ රටේ බලවත්ම නායකයෙකුට දන්වා දුක්බර ප්‍රශ්නයකට උපකාර ඉල්ලුවා. ඉහළම පිළිතුරක් ලැබුණා. අද වෙනකන්ම ඒච්චරයි. පිටරට ගොස් සිංහලෙන් කතාකරන මොහු ගැන අමෙරිකාවට දන්වා තිබෙනවා. මෙම කුසලාන වලින් රටට ගෙනා කීර්තිය අන්තර්ජාලයේ තිබෙනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site