(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (03) උදෑසන වන විට සිරුරු කොටස් 151 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ පමණක් සිරුරු කොටස් හමු වී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 79 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 151 න් සම්පූර්ණ සිරුරු 144 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය වරයා මාධ්‍ය වෙතට පවසා සිටියේ මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පිළිබඳව මාධ්‍යට තොරතුරු ලබා දීමට නීත්‍යානුකූලව අවසර ඇත්තේ තමන්ට පමණක් බවටත් එයද සතියේ බදාදා දින පමණක් ලබා දෙන බැවින් වෙනත් කිසිවෙකුත් සිදු කරන ලද ප්‍රකාශයන් හෝ තොරතුරු නීත්‍යානුකූල නොවන බවටත්ය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිසිය ,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක ඇතුළු නිලධාරීනගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ සිදු කෙරේ.


2025 දෙසැම්බර් මස 04
11
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්නාරම සමූහ මිනී වලෙන් හමු සිරුර ගණන 151 දක්වා ඉහළට