IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මන්නාරම් සමුහ මිනිස් වළෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි


 
රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප‍්‍රමාණයක් සොයා ගත් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.


මන්නාරම මහෙස්ත‍්‍රාත් ටී.ජී.ප‍්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ දී  මෙලෙස කැණීම් සිදුකරනු ලැබීය.


සමූහ මිණි වලෙන් මතු වූ මිනිස් සිරුරු එක ළඟ තැන්පත කර ඇති අයුරු පෙනෙන සිරුරු කොටස් මතුව ඇති අතරම සිරුරු 53ක් මේ වන විට සිරුරු 34ක් කැණීම් කර ඉවත් කළ ඇති අතර ඉවත් කරන ලද සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම් අධිකරණයේ තැන්පත් කර ඇති බවටද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.


මෙතෙක් කැණීම් සිදු කරන ලද ස්ථානයට එපිටින් වූ අනෙකුත් ස්ථානවල කැණීම් කටයුතු ද දෙවැනි අදියර යටතේ ආරම්භ කර ඇති අතර පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවීමත් සමඟ මෙම කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.


අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචි වැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.



අදහස් (3)

මන්නාරම් සමුහ මිනිස් වළෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි

රනවි Thursday, 26 July 2018 05:51 AM

ඔය වගෙ සමුහ මිනිවලවල් කීයක් හොයාගත්තද? යාපනේ මන්නාරම මාතලේ? මැරිලද මරලද?පොල්පොට්ද? හිට්ලර්ලද? ඉබේ වැලලිලද? ඉදිරියටත් සමුහ මිනීවලවල්ද?

:       0       104

Chanak Los angeles Thursday, 26 July 2018 06:43 AM

විද්‍යාත්මික, ඇසින්දුටු වැනි සාක්ෂි තිබිලත් තාජුදීන්, ලසන්ත, රවිරාජ් ඝාතනවලට යුක්තිය ඉටුනොවන රටක මෙලෙස සැඟවී ගිය ඝාතන වලට යුක්තිය ඉටුවීම සිහිනයක්.

:       105       251

Kumar Thursday, 26 July 2018 05:04 PM

කෙනෙකු පිට වරද පවරන්න පෙර මෙය සිදුවුණ කාලය සොයා බලන එක තමා හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site