IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මන්නාරම සමූහ මිනීවළ ගැන තොරතුරු විමසීම බදාදා දිනට සීමා කරයි


 
 
රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කර ඇති බව මන්නාරම සමූහ මිනිවළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මන්නාරම රෝහල් විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අද (13) දින පැවසීය.


සමින්ද රාජපක්ෂ මහතාගේ මන්නාරම් සමූහ මිණිවලේ පරික්ෂණ කටයුතු පිළිබඳ විමසීමේ වෛද්‍ය වරයා මේ බව පුවසුවේය.
ඒ අනුව  නව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ කරුණු සෑම බදාදා දිනකම උදැසන 10.30 සිට 11.00 දක්වා පමණක් ලබා දීමට  නියෝග කර ඇත.


මන්නාරම නව මහේස්ත්‍රාත්වරයා පසුගිය දිනවල පත්වීම ලද අතර, එහිදි අදාළ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකළ යුතු බැවින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය වන්නේ නම් මන්නාරම අධිකරණයේ රෙජිස්ටාර්වරයාගෙන් පමණක් ලබා ගන්නා ලෙසට පළමුව මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා නියෝග කර තිබිණ.


මාධ්‍යට ප්‍රකාශයන් නිකුත් කිරීම බදාදා දින පැය බාගයක් පමණක් තිබුණද අනෙක් සෑම දිනයන්හීම උදෑසන 10.30 සිට 11.00 වන තෙක් ද සවස 3.30. සිට සවස 4 වන තෙක් සමූහ මිණිවලේ ඡායාරූප හා වීඩියෝ ගත කර ගැනීමට අවස්ථාව තිබෙන බවටද සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.


වර්තමානය වන විට මන්නාරම සමූහ මිනිවළ තුළින් දින 69 ක කාලයක් කැනීම් කටයුතු සිදුකොට ඇති අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරි තොරතුර එළැඹෙන බදාදා දින නිකුත් කරන බවද සමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

මන්නාරම සමූහ මිනීවළ ගැන තොරතුරු විමසීම බදාදා දිනට සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site