රොමේෂ් මධුෂංඛ
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (10) උදෑසන වන විට සිරුරු කොටස් 175 ක් හමුවී ඇති කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 84 වැනි දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 175 න් සම්පූර්ණ සිරුරු 169 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනි දා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නාකමට අහන්නේ... මේවා කාගේ වැඩද?
දන්නා විදියට මේවා අවුරුදු සිය ගණනක් පරණයි. ගොඩක් වෙලාවට සුද්දන්ගේ වැඩ වෙන්න ඇති.. යටත් විජිත කාලේ.