IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී බුද්ධික පතිරණ එෆ්සීඅයිඩියට

(ඉන්දිකා රාමනායක)

ත්‍රිවිධ හමුදාවට 2018 වසරේ ආහාර ලබාදීමේ ටෙන්ඩරයේ සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනක්  වෙනුවෙන්  එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බුද්ධික පතිරණ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාසයට අද  (9)  පැමිණියේය.

මේ සම්බන්ධයෙන් කර තිබු පැමිණිලි වලට අදාලව ප‍්‍රකාශ ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති අතර මුල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත අද පෙරවරු 10.00 ට මන්ති‍්‍රවරයා එහි පැමිණ සිටි අතර තවත් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටියි.

ප‍්‍රකාශ ලබාදීමට පෙර මන්ති‍්‍රවරයා එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයේ බොහෝ දෙනාගේ මතවාදය වුයේ පසුගිය රජය සමයේ සිදුවු බරපතල මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කරන ආයතනයක් පමණයි කියලා. ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයින් අදහස් කරන්නේ  වර්තමාන යහපාලන දේශපාලනය මතවාදයට එරෙහිව පරස්පර දේශපාලනය මත පලකරන  අයගෙන්  පළිගන්න, පාගන්න පවත්වන ආයතනයක් කියලා.

අපි කියනවා වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවු වංචා පිළිබඳ  ද  කිසිදු පැකිලීමක් නොමැතිව පරීක්ෂණ සිදුකරන්න කියලා. රජයෙන්, ජනාධිපතිවරයාගෙන්,අගමැතිවරයාගෙන්, ඇමැති මණ්ඩයෙන් නීතිය සාමය අමාත්‍යවරයාගෙන් පොලිස්පතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ වර්තමාන රජයේ සමයේ විවිධ දේශපාලනඥයින්, නිලධාරීන් සිදුකර ඇති  දුෂණ වංචා ,  හොර මගඩි  වැඩ වලට එරෙහිව ද  විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට උපරිම දඩුවම් ලබාදෙන්න කියලා.

අද මම මෙම ස්ථානයට පැමිණියේ  ති‍්‍රවිධ හමුදාවට  ආහාර ලබාදෙන ටෙන්ඩරයේ  සිදුව ඇති බව කියන අක‍්‍රමිකතාවක් සහ රාජ්‍ය ආයතනයක් වන  ජනවසමෙන්  ති‍්‍රවිධ හමුදාවට තේ කොළ ලබාදෙන ටෙන්ඩරය අහිමිවීම  ඇතුළු ප‍්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න.

ති‍්‍රවිධ හමුදාවට 2018 ආහාර සැපයීමේ බලවත් අක‍්‍රමිකතාවක්  සිදුව තිබෙනවා. 2018 ටෙන්ඩරට  මේ වනවිටත් සැපයුම්කරුවන්ට ලබාදෙන්න ආරක්ෂක අමාත්‍යාංශය නොහැකි වී තිබෙනවා. මේක ලැජ්ජාවට කරුණක්. 2017 ටෙන්ඩරට පදනම් කරගෙන තමයි අදටත්  කි‍්‍රයාත්මක වෙන්නේ. 

මෙම ටෙන්ඩරවලින්  පාඩුව  රුපියල් මිලියන 1500 ක  පාඩුවක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සිද්ධිය මම  දැනුම් දුන් අවස්ථාවේ එතුමා මා ඉදිරියේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තාක්ෂණ කමිටුවේ සභාපති ට දුරකතනයෙන් කථා කළා.

එතුමා ඇඟ බේරාගත්තා මේ තාක්ෂණ කමිටුවට අයත් නැහැ මේක අයිති ටෙන්ඩර් කමිටුවට කියලා. ටෙන්ඩර් කමිටුවේ ලේකම්  ආරක්ෂක ලෙක්ම්වරයාට කථා කළා.  ආරක්ෂකම්වරයා මේ කිව්වේ අපි මේක අභියාචනා කමිටුවට මේක යොමුකරලා එම කමිටුවෙන් ලබාදෙන තීන්දුව අපි පිළිගන්නවා කියාලා. 

ඡායාරුප - චතුර එස් කොඩිකාර



අදහස් (2)

මන්ත්‍රී බුද්ධික පතිරණ එෆ්සීඅයිඩියට

සේනක Wednesday, 09 May 2018 08:08 AM

අනේ මේ යහපාලන නාම්බන්ට මිනිසුන්ගෙන් පළි ගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැත්ද? ජනතාවගේ අවශ්‍යතාවයයි,රටේ සංවර්ධනයයි පැත්තක තියලා ඒකනම් බලයට ආපු දවසේ ඉදලා ජයටම කරගෙන යනවා.බැලුවහම අල්ලපු හොරෙකුත් නෑ. කරපු දෙයකුත් නැහැ.

:       196       403

රවින් Wednesday, 09 May 2018 11:13 AM

පොඩි කාර් එකෙන් ඇවිත් පොඩි වැඩකට අතගහල වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6142 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site