ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නොවුණු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශන ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඒ සඳහා අයිතියක් නැති බවත් කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
බැඳුම්කර සිද්ධියේ දී මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෙළි කරන ලෙස පාර්ලිමේන්තුවේදී අද දිනයේත් උණුසුම් වාද විවාද පැවැත්වුණු අවස්ථාවේ දී මන්ත්‍රීවරයකු කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා එසේ පැවසීය.
COMMENTS
ඔබතුමාගේ සහතිකය අපි පිළිගන්නෙමු.
ඉස්සර දවසක ආචාර්ය විජයානන්ද දහනායක පාර්ලිමේන්තුවේදී කතා කරනකොට අනික් මන්ත්‍රීවරු එතුමාට බාධා කරද්දී දහනායක මහත්තයට තරහ ගිහින් කිව්වා ගරු කතානායක තුමනි මේ සභාවේ ඉන්න අයගෙන් බාගයක් පිස්සෝ කියල. කතානායක කිව්වා මන්ත්‍රීවරුන්ට පිස්සෝ කියන්න බැහැ. වහාම ඒ වචනය ඉල්ලා අස් කරගන්න කියල. ඒ ගමන දහනායක මහත්තය ඒ වචනය මෙහෙම ඉල්ලා අස් කර ගත්ත. "ගරු කතා නායක තුමනි, මේ සභාවේ ඉන්න අයගෙන් බාගයක් පිස්සො නෙමෙයි". මෙතනත් ඒ වගේ වෙන බව මේ කතා නායක තුමාට පෙනිලා තියෙනවා. අයි, හත් ඉලව්වේ, බාගයක් කට්ටිය දිවුරුම් පෙත්සම් දුන්නහම නොදුන්න කට්ටිය පගා කාරයෝ බව නිකම්ම ඔප්පු වෙනවා නේ.
ඔවු එහෙම කොලොත් ගත්තු අය නිකම්ම අහුවෙනවනේ. අම්මප ඔබ තුමාට තියෙන්නේ තුන් කල් දකින රත්තරන් මොලයක්නෙව. අනේ අපේ වාසනාව.
මහපුදුම "ගොන් තර්කයක්නේ" මේක ???? අපි බදු ගෙවන රටේ අවංක පුරවැසියන් හැටියට අපිට අයිතියක් නැද්ද මේ "අපේම බදු මුදල්වලින් සුරසැප විදින මහජන නියෝජිතයන් යයි කියාගන්න" මේ මිනිස්සුන්ගේ වංක අවංක බාවය දැනගැනුමට ???? හොදයි එසේනම් සෑම මහජන නියෝජිතයෙක්ම ඔහෙත් ඇතුළුව ප්‍රසිද්දියේ මාද්‍යයට පැමිණ " මම කිසිම මුදලක්, හෝ කිසිදු වරප්ප්‍රසාදයක් හෝ කිසිදු හොරකමක් හෝ මහජන බදුමුදල් අයථා ලෙස භාවිතා නොකළ බවට ප්‍රකාශ කරන්න". මෙය රටේ පුරවැසියන වන අප සියල්ලෝම දැනගත යුතු සහ බලාසිටින දෙයක්. පුලුවන්නක් අම්බරුවන් 225 ටම " (ඔහෙත් ඇතුළුව හොදේ ) කියන්න තමන් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් හොරා කෑවේ නැත යන්න ඇවිත් කියාන්න මොකටද බයවෙන්නේ ??? අවංකව ඔහේ මුලින්ම ඒ ගැන ප්‍රසිද්දියේ කිව්වොත් හොදා තේරුනා නේද ඔහෙට ??? නිකං අපිට තොත්ත බබා න්‍යාය දාන්න එපා හොදේ.
එතුමා කැමති නැතුව ඇති දියවන්නාවේ තියන පාර්ලිමේන්තුව වැලිකඩට යනවාට.
ඔබට විශාල අතපසුවීමක් සිදුවී සිදුවී ඇතිබවක් අපට නම් පෙනෙන්නට තිබේ.මක්නිසාදයත් දියවන්නඔයේ "පාර්ලිමේන්තුවක් ලක්දෙරණේ නම් ස්ථිර වශයෙන්ම නොමැති" බැවිනි. පාර්ලිමේන්තුව යනු රටක ඉතාමත්ම වැදගත් තීන්දු, තීරණ ගන්න, ඉගෙනගත් , උගත්, බුද්දිමත්, නිහතමානි, අනිකාගේ අදහස්වලට ගරු කරන, උද්දච්චකමින් ඔලුව උදුම්මා නොගත් මහජන නියෝගිතයන්ගේ පරිපුර්ණ වූ ස්ථානයකි. එබැවින් අපගේ දැනුමේ හැටියටනම් දියවන්න ඔයේ තිබෙන්නේ අයාලේ යන අයගෙන් පිරි තැනකි.....එවැන්නකට පාර්ලිමෙන්තු යන වැදගත් වචනය භාවිතා නොකරන බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු.
මම මේ බලන් ඉන්නේ මේ කතානායක උන්දැව කවදද තනතුරින් ඉවත් කරන්නේ කියල !!