(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකදුරේ මධුෂ් නැමැත්තා ඩුබායි හි සිට මෙහෙයවා කළ අපරාධ 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
2017.2.27 දින කළුතර එනතමඩල ප‍්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු වන සමයං ඇතුලූ පස් දෙනකු ඝාතනය කිරීම, තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ, 2017.5.09 දින පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පොලිස් නිලධාරියකු ඇතුලූ දෙදෙනකු මියයාම, තවත් සිව් දෙනතුට තුවාල සිදුකිරිම, 2018.3.06 දින කැලණිමුල්ලේ කොස්මල්ලි නැමැත්තා පැහැරගෙන ගොස් අගුණකොල පැලැස්සේ දී වෙඩි තබා ඝාතනය කර ගෙළ අලූත්කඬේ ප‍්‍රදේශයට රැගෙන ඒම, 2018.11.08 දින ඇරව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් දියමන්තියක් කොල්ලකෑම යන අපරාධ සම්බන්ධයෙන් මධුෂ්ට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මාකදුරේ මධුෂ් ඩුබායි රටේ සිට මෙම අපරාධ මෙහෙයවා ඇති බවත් ඔහු මේ සදහා භාවිතා කළ ජංගම දුරකතන අංක, අපරාධ සිදුකළ පුද්ගලයන් භාවිතා කළ දුරකතන අංක හා වින්දිතයන්ගේ දුරකතන අංක සම්බන්ධයෙන් විශ්ලේෂණ සිදුකරමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා කීය.
මාකදුරේ මධුෂ් ඩුබායි වලින් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු 2019.5.05 වැනි කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන රදවාගෙන ප‍්‍රශ්න කරමින් පසුවේ.මෙතෙක් සිදුකළ ප‍්‍රශ්නකිරීම්වලදී අපරාධ සදහා භාවිතා කළ බවට සැකකරන පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවියක් සොයාගත් බවද ගුණසේකර මහතා කීය.
මෙම ගිනි අවි වැලිවේරිය හා මීගමුව දළුපොත යන ප‍්‍රදේශ වලින් සොයාගන ගත් බවද හෙතෙම කීය.මෙම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරයත් පැවසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
2025 නොවැම්බර් මස 21
227
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
281
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1197
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මධූෂ් ඩුබායි සිට මෙහෙයවූ බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි
chanaka Thursday, 04 July 2019 12:25 PM
සමයන් ඇතුළු 7 ක් මැරුණා...