මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ .
කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ නමට මෙහි එක් වාහනයක් ලියාපදිංචි කර තිබී අතර තවත් වාහනයක් ඇගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.
(36698)
COMMENTS
ලංකාවේ පොලිසිය කරන්නේ ලෝකයට විහිලු සැපයීම, අනුන්ගේ ගෙදරක තිබෙන අනුන්ගේ නමට ලියාපදිංචි කරපු වාහන දෙකක් අල්ලාගෙන කියනවා ඒවා මදුෂ්ගේ කියල, උසාවි දැම්ම ගමන් නිදහස් වෙනවා, පොලිසියට තවම බැරිවුණා එමිරේට් රටට ඉන්ටෙර්පොල් හරහා දැනුම්දෙන්න මදුෂ් මෙහෙ උසාවි වල නඩු කිහිපයකටම අවශ්‍ය අපරාධකාරයෙක් කියලා, කොස්ගොඩ නදුන් කියන අපරාධකාරයා අවුරුදු ගණනාවක සිටන් ඉතාලියේ ජිවත්වන බව දන්නා ලංකා පොලිසිය මේ වනතුරු ඉතාලි පොලිසියට දැනුම් දීලා නැහැ නදුන් කියන්නේ මිනීමැරුම් ගණනාවක් සදහා ලංකාවේ උසාවි වලින් වැරදි කාරයෙක් වුන අපරාධ කාරයෙක් කියලා, ඉතාලි පොලිසිය ඔහුව නිදහස් කරා.
කීදෙනෙක්ද අම්මපා, යකෝ කැහැට්ටා වගේ උන්නට නීලමහ යෝධයට වගේ හයියක් තිබිලා තියෙනවනේ... ඔලිම්පික් යැව්වා නම් රන්පදක්කම් අරන් එනවා. තව හම්බවෙයි ඔහොම යනකොට.
සිල්වා මහත්තයා කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා. ඇත්තටම මේවා විහිලු සපයන වැඩ. උසාවි දැම්ම ගමන් ඔප්පු කරන්න බැරි නිසා සිද්ධිය එතනින්ම ඉවර වෙනවා. අනික මධුෂ්ගේ ලූ කුඩු, මධුෂ් ලූ මිනී මැරුවේ, මේ එයාගේ වාහන ලූ සිද්ධියත් එක්ක පේන්නේ එක්කෝ රටේ ප්‍රභලයෙක් විසින් කරන කුඩු මිනීමැරුම් වැඩ මොහුගේ ගිනුමට බැර කරමින් යහමින් කරගෙන යන බවක්. මොකද මේ වෙනතුරු කිසිම උසාවියක මොහුට එරෙහිව නඩුවක් නෑ කියනවා. එතකොට කොහොමත් මෙයාව ඩුබායි වල වුනත් අපේ පොලීසිය ගිහින් අල්ලන්න හේතුවක් නෑ නේ ? මේ සති කීපයේ වුන දේවල් ටික බැලුවහම අපිට නිගමනය කරන්න වෙනවා මධුෂ් ඇල්ලුවේ ඩුබායි පොලීසියම මිසක් අපේ අය නෙමෙයි කියලා ( නඩු තියෙන අර්ජුන් මාහේන්ද්‍රන්, ජාලිය අල්ලන්න බැරි කොට ? ) . දැන් ලකුනු දාගන්න ලූ ලූ ගගා කාරුයි, වෑනුයි, බිල්ඩින් අයිති අයයි අල්ලනවා වගේ පේන්නේ.
ජනාධිපති තුමනි එක එක වේදිකාවල පාතාලයෝ මර්ධනය කිරීම ගැන සුරඟන කතා කීම නවත්වලා, පොලිසියට අණදෙන්න ජාත්‍යන්තර ක්‍රමවේද අනුව මදුෂ් පිළිබඳව එමිරේට් රට්ටට දැනුම් දෙන්න කියලා.
මේ වගේ පොලිස් නිළධාරියෝ සිටීම අවාසනාවක්
ගොන් වැඩ තමයි. දැන් පොලිසිවල ඉන්නේ සිවුරු ඇරපු නියෝජ්‍ය පොලිස්පතිවරු සහ භාවනා කරන පොලිස්පතිලා නිසා සහ ඒ.එස්.පී.ලා දිගට අරගෙන නීරස පොලිසියක් කර අවසන්... ලතිෆ් කව්ද එස්.අයි. ලෙසට බැඳුණු කෙනෙක්... පොලිසිය බයියලාගෙන් පිරුණු තැනක්... පොලිස් කොමිසම මහලු මඩමක්... දෙයියන්ගේ පිහිටයි...
මට පෙනෙන විදිහට මදුෂ් කියන චරිතය මෙච්චර පිම්බිලා තිබෙන්නේ , රටේ ලොකු මිනිස්සු ගේ කණ්ඩායම් කරන පාතාල වැඩ , කුඩු බිස්නස් පොලිසියට අහු වුනහම ඒවා මදුෂ්ගේ ගිණුමට පොලිසියෙන් බැරකරන නිසා දැන් ඔහු ඇල්ලුවහම මෙරටට ගෙන එන්න උනන්දුවක් නැත්තේ මේවා සියල්ල එළිවෙන නිසා වෙන්න පුළුවන්