(ජයන්ත සමරකෝන්)
මාකදුරේ මධුගේ ඩුබායිහි පැවැති සාදයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකොන් මහතා පැවසීය.
ඔහු අද ඩුබායි රටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණි විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
එම සිදු වීම සම්බන්ධයෙන් මේ මොහොතේද ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.
ඔහු කළුතර බන්ධනාගරයේ රාජකාරී කරමින් සිටියදී රිය අනතුරකකට ලක්ව වෛද්‍ය නිවාඩු මත නිවසේ ගත කරමින් සිටින කාලයේදී මෙලෙස විදේශ ගත වී මධුෂ් සමඟ සාදයට සහභාගී වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු ලැබුණු ඔහු ඒ වන විට සේවය කළ කලුතර බන්ධනාගාරය විසින් බන්ධනාගාර මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර ඒ පිළිබඳ පරීක්ෂණ පැවතෙමින් තිබී ඇත.
කළුතර බන්ධනාගාරයට යාමට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශට අනියුක්තව රාජකාරී කළ අයෙකි.
සමයං නැමැති පාතාල නායකයා කලුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යද්දී ඔහුගේ විරුද්ධවාදීන් වෙත ඔවුන් පැමිණෙන වේලාව දැනුම් දී තිබුණේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණය වී තිබු බවද පොලීසිය පවසයි.

COMMENTS
නියම බඩුනේ බන්ධනාගාර බුද්ධි අංශයේ වැඩ කරන්නේ.
රජයේ රැකියාවක් කරමින් ඒ රැකියාවේ වගකීම්වලට පටහැනිව වංචාකාරී ක්‍රියාවක නියැලීම රාජද්‍රෝහී ක්‍රියාවකි.. මොහු සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස කටයුතු කිරීම අවශ්‍යයි.
දැන්නම් දෙවියන්ගේම පිහිටයි. මොහුට හිර ගෙදරට යන්න. කලින් මදුෂ් බඩ පිරෙන්න කන්න දුන්නා දැන් කාපුවා වමාරන්න... මේ රහස්. පරික්ෂක නිලධාරීන් වෙහෙසී අල්ලා ගන්නා මෙවැනි අයට අධිකරණයෙන් මරණ දඬුවම නියම කරන්න. මුදලට කතාකර වරදකරුවන් නිදොස් කරන නිවටයන්ට, නීති පට්ටම්, අහෝසි කරන්න.
අප විශ්වාස කරනවා මේ පාඩදයාට නිසි දඬුවම් ස්වභාවධර්මය විසින් ලැබෙන බව. මොහු තම ඥාතින්ට, අඹුදරුවන්ටත් සමාජයට මුහුණදෙන්න බැරිවිදියට හැසිරිලා නොවේද..?
ඔන්න බලන්න යාළුවකුගේ පාටියකටවත් නිවිහැනහිල්ලේ යන්න නෑ නේ