(දිලීප් ජයසේකර සහ අනීෂා මානගේ )
පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාකදුරේ මදුෂ් සමග ඍජු සම්බන්ධතා පවත්වමින් අපරාධ රැසකට සම්බන්ධ අකුරැස්ස,තෙලිජ්ජවිල,තල්ගස්වත්ත සහ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ය.
සැකකරු මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන දැනට මිනීමැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රොටඹ අමිල සම්පත්ගේ ටි 56 වර්ගයේ ගිණි අවිය සුරියවැව හත්පෝරුව ප්‍රදේශයේ පිහිටි මාකදුරේ මදුෂ්ගේ පියා පදිංචිව සිටි නිවසේ සැගවිමට රැගෙන යමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත් විය.
මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් මේ දිනවල සිදු කරන විවිධ පරික්ෂණ කටයුතු හේතුවෙන් මෙම ගිනි අවිය හා පතුරම් සැගවිමට රැගෙන යමින් සිටින බවට තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල් මහතාට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.
මොහු අත්අඩංගුවට පත් සැකකරු මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් දිනයේදී නිවසේ සියළු කටයුතු සොලා බලා සිදු කළ අයෙකු බවත්,ඔහු මාකදුරේ මධුෂ් සමග දුරකතනයෙන් ඍජුවම සම්බන්ධකම් පවත්වන අයෙකු බවත් පොලිසිය පවසයි.
අත්මෙඅඩංගුවට ගත්ම අනික් පුද්ගලයා හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් වරෙන්තු දෙකක් සහ මිනිස් ඝාතන වලට අනුබල දීමේ නඩුවක් සම්බන්ධයෙන් තවත් වරෙන්තුවක් ඇතැයි නිලධාරීහු කියති.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.බී. දයානන්ද මහතා ලැබුණූ ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවටපත් සැකකරුවන් ටි 56 ගිණි අවිය හා ජිව උණ්ඩ 29 සමඟ වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා සුරියවැව පොලීසියට බාරදිමට නියමිත අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


(ඡායාරූප -දිලීප් ජයසේකර)

(ඡායාරූපය - අනීෂා මානගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, ලතීෆ් මහතාගේ සේවා දිගුවට මුළු කැබිනට් මණ්ඩලයම අනුමත කළා. එය අප රට මේ කුඩු උවදුර මැඩලීමට හොඳ ශක්තියක්. කරුණාකර ඔබතුමා නොමග යවා පටු අරමුණු ඉටුකර ගන්න ඇතැම් දෙනාගේ කේලාම් අසා මේ මොහොතේ රටට අවැඩක් නොවීමට වග බලා ගන්න. පසුව ඔබතුමා මොන දේශපාලන තීන්දුවක් ගත්තද දැනට කැබිනට් මණ්ඩලයේ සහයෝගය ඇතිව ඉක්මනින්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. පොලීසියට දිරිය දෙන්න.තවතවත් කුඩ්ඩන් පාතාලයන් අල්ලවා රට උන්ගෙන් බේරා ගන්න. ඔබතුමාත් පරිස්සම් වන්න. පොලීසියේ අදාළ නිලධාරීන්ද රැකගැනීමට කටයුතු කරන්න. කුඩ්ඩන් පිටිපස සමහර දේශපාලකයන්ද සිටිනා බැවින් ඔවුන්ගෙන් පරිස්සම් වන්න. පස මිතුරු හතුරාට වඩා මිතුරු වෙසින් සිටින හතුරා බිහිසුණුය.
මාකඳුරේ මදූෂ් ඩුබායි පොලිසියට කොටුකර දුන්නේ ඩුබායි ජීවත්වන ඔහුගේ ප්‍රතිවාදි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන "මෙරිල්" නැමැත්තා බව ඉරිදා ටයිම්ස් පුවත් පතේ වාර්තා කර ඇත. "මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ඔත්තුසේවා වන්ගේ සහභාගිත්වයක් නෙකෙරුන බවත් ඩුබායිහි සුඛෝපභෝගී ඇල් මැරීනා හෝටලයේ පවත්වන ලද මදුෂ්ගේ සාදයේ ඡායාරුප සහ වීඩියෝ දර්ශන මෙරිල්ගේ කණ්ඩායම විසින් තලවතුගොඩ ඉන්නා මෙරිල්ගේ සගයෙකු වෙත ඒවා ඇති බවත් එම තැනැත්තා විසින් ඒවා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය සාධක බලකාය ඇතුළු අනෙකුත් කණ්ඩායම් වෙත බෙදා හැරි බවත්" එම වාර්තාවේ දක්වා ඇත. මේ තොරතුරු සැබෑනම් මදුෂ් වගේම රටට පිළිලයක්ව පවතින මත් කුඩු ජාවාරමේ නියැලී ඉන්නා වෙනත් කණ්ඩායම් බොහෝ ගණනක් ක්‍රියාත්මක බවද පැහැදිලි වෙයි. මේ අතර ජනාධිපති, විපක්ෂ නායක සහ පොලිස්පති ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින්, නළුවන් මෙන්ම අනෙකුත් නමගිය පුද්ගලයින් සමඟ "ක්ලබ් වසන්ත" නැමැත්තෙකු විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරුප විශාල ප්‍රමාණයක් අන්තර් ජාලයේ සංසරණය වෙන්නට පටන් ගෙන ඇත. එය පුදුමාකාර සහසිද්ධියකි.
මේ පව්කාරයින්ට අපිත් ජීවතුන් අතර සිටින කාලය තුළදීම දඬුවම් දෙනු දකිනු රිසියෙමු.
ලංකාවේ පොලිස් නිලධාරින් කරන එක්තරා වරදක් වෙන්නේ අත්අඩංගුවට පත්වෙන ගිනිඅවි, මත් ද්‍රව්‍ය, හොරකම් කළභාණ්ඩ ආදිය පරික්ෂා කිරීමේදී කිසිම අත් ආවරණයක් පැළඳ ගන්නේ නැතුව එම බඩු බාහිරාදිය පරික්ෂා කිරීමයි. මෙහිදී ඒවායේ ඇති ඇඟිලි සලකුණු වැනි දේට හානි සිදුවීම වැළැක්විය හැකි නොවේ. මෙය අපට නිතර දක්නට ලැබෙන වරදක් ලෙසයි කිව යුත්තේ.
ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියයි. නමුත් ඔබතුමාව මුලා කර මේ පාතාල කුඩ්ඩන් බේරා ගැනීමට මාන බලන අයත් ඉන්නවා. සමහර විට ආරක්ෂක අංශවලම වෙන්නත් පිළිවන්. ඒක හරිම භයානකයි. තනි තීරණයේ ඉන්න ඔබතුමා. දෙන්න එපා අභය දානය නම්...
ඇයි මෙච්චර කල් ඉඳලා දැන් අල්ලන්න පටන්ගත්තේ?
පළමුවෙන් කුඩු වෙළඳාම් කරන ගැණු එල්ලා මැරිය යුතුයි .