(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් පැවැත්වූ බව කියන මාධ්‍ය හමුවට අදාල සංස්කරණය කළ හා නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට බාර දෙන්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හතර දෙනකුට නුගේගොඩ මහෙස්ත්‍රාත් යු.කේ පැල්පොල මහතා අද(17) නියෝග කළේය.
රන්ජන් රාමනායක මහතා අධිකරණ ක්‍රියාවලියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා දුන් පසු , ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරියක් වන ආශා කහවත්ත මහත්මිය අධිකරණය ආසන්නයේ පැවැත්වූ බව කියන මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව වීඩියෝ දර්ශන ලබා දෙන ලෙස අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණිකා, පද්මිනීට අමතරව මේ උන්දැත් රන්ජන්ගේ හඬ පටවල ඇති...