විනීතා එම් ගමගේ
මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර තර්ජන ඇතුළු ආරක්ෂාව පිළිබඳ තොරතුරු මෙන්ම රැකියා සුරක්ෂිතතාව පිළිබඳවද මෙම අංකයට දැනුම් දිය හැකි බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා අද (2) පැවැසීය.
මෙම හදිසි දුරකථන අංකය මේ මාසය අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව හැකි උපරිම මැදිහත් වීමක් සිදුකිරීමට මෙම පියවර ගත් බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
COMMENTS
එතකොට මහජනතාවට වෙන අසාධාරණකම් වලට මොකුත් නැතෙයි?
ඒක හොඳයි.
එතකොට මාධයෙන් වන කරදර කියන්නේ කාටද?