IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යවේදීන්ට තර්ජන එපා

‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවු ලිපියට දායකත්වය දැක්වූ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි සැලකිල්ලක් යොමු කරන බව ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 

හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය. 

 

ඊට දායකත්වය සහ පහසුකම් දැක්වූ දේශීය හා විදෙස් මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් කොළඹ පදනම් කරමින් ක්‍රියාත්මක වන ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ මෙම නිවේදනය නිකුත් කර තිබේ. 

‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගෙන් එම වාර්තාව ලියන ලද සහ ඊට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරන එම සංගමය අදාළ වාර්තාවෙන් යම් පාර්ශ්වයකට අගතියක් සිදුව ඇතිනම් ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ඇමතිය යුතු යැයි ද සඳහන් කරයි. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු මාධ්‍යවේදීන්ගේ විවිධ වාර්තා කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන තම ආයතනවල මාධ්‍ය සගයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය තවදුරටත් සඳහන් කරයි. 

055



අදහස් (1)

මාධ්‍යවේදීන්ට තර්ජන එපා

kamal Koyrala Thursday, 05 July 2018 06:16 AM

තර්ජනය කල අය හෙළිකරන්න, ඉදිරි ආරක්ෂාව සදහා පැමිණිල්ලක් කරන්න

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 125 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site