(චමිල් රුපසිංහ)
මධ්‍යම පළාතේ නව අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආර්.එම්.පී.එස් රත්නායක මහතා අද (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
කන්දේකැටිය සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති රත්නායක මහතා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරියකු වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබාගෙන ඇත.
වලපනේ කුරුපනාවෙල සෙනරත් මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ රත්නායක මහතා නව තනතුරට පත්වීමට පෙර මධ්‍යම පළාතේ කෘෂිකර්ම හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
හිටපු අධ්‍යාපන ලේකම්වරයා ගිනස් වාර්තාවක් තැබිමට මානාලියකගේ දිගම ඔසරි පොටක් ඇල්ලීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීමට උපදෙස් දීමේ සිද්ධියක් නිසා පසුගිය දා මාරු කර යැවිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහා ඇමති වෙනුවට වෙන කෙනෙක් පත් කරන්නේ කවද්ද?
ආණ්ඩුකාරවරිය හරියට හිතට අරන් ඉන්නේ. ජනාධිපතිටවත් නැති ලොකු කමක්නේ තියෙන්නේ.
මේවාට තමයි කියන්නේ කැකිල්ලේ නඩු තීන්දු කියලා. මේ සිද්ධියට සපෝර්ට් කරපු අනුමැතිය දීපු මහා ඇමති නිකම්ම නිදහස්. ඉහලින් ආපු අණ ක්‍රියාත්මක කල කෙනා දඬුවම් විඳිනවා. අනේ කාලේ වනේ වාසේ කියල කීවලු. වැරදි වැඩයට මුල පීරූ මගුල් ජෝඩුව දැන් මොකද කියන්නේ? අර මනුස්සයට වන්දි මුදලක් වත් ඔවුන් දිය යුතුයි. කොන්ද කෙලින් තියාගන නීතියට වැඩ කරන්න බය නිලධාරීන්ට මේවා හොඳ පාඩම්.
මේ ඡායාරුප දෙකේම ඉන්නේ එක්කෙනාමද? මම ඇහුවේ පත්වීම ලබන්න ගැන. මොකද හිසකෙස් පිළිබඳ ගැටළුවක්. කොහොම වුණත්, හුඟක් දෙනෙක් බෙල්ලේ වැලදාගෙන තියෙනවා ඔය සාරි, ඔසරි පොටවල් වලින්.
මේක මේ වැරදිකාරයෝ රකින්න කරපු තක්කඩි වැඩක්. කලින් ලේකම්ට උසස්වීමක් දීලා අලුත් කෙනෙක් එ්කට පත් කළා කියලා ළමා අපචාර චෝදනාවක්... ඉන් නිදහස් වෙන්න කාටවත් බෑ. මේක මේ තක්කඩි අාණ්ඩුකාරියයි, මහඇමතියි එකට එකතු වෙලා මිනිස්සු සහ නීතිය රවටන්න ගහපු ගැටයක්. මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යායුතුයි. අනික මෙවැනි නීති විරොධී යමක් කළාම එ්ක පරීක්ෂා කල යුත්තේ අදාල ආයතනය මිසක් දේශපාලන අතකොළු වුණු අය නෙමේ.
රට හිනස්සවන වැඩ කරලා මදිවට මේ පින්තුරය පවා තනිකර විහිළුවක්. මේ වගේ කාන්තා නියෝජනයක්ද රටට අවශ්‍ය,
සංක්‍රාන්ති තත්වටයට පත් නිලධාරියනියකගෙන් මේ දේවල් බලාපොරොත්තු විය යුතුය. ලුසේනා
මේ ගෑනු පිරිමි ආණ්ඩුකාරවරිය/ වරයා නිවට පාලකයින්ගේ විෂබීජයකි. මේ පින්තුර දෙකෙන්ම පේනවා මේ අය කරන්නේ මොනවද කියන එක. මොවුන් මහ ජනතාව රැවටීමට කොහොම සැලසුම් කලත් මේ අයගේ නිරුවත මුළු රටම දන්නවා. එය වහන්න ඔසරි පොටෙන් බැරි බව දැන ගත යුතුය.
මහා ඇමැතියි, ආණ්ඩුකාරවරියයි ජනතාව ගොනාට ඇන්දවීම සඳහා කරපු සැලැස්ම මේක තමයි. ජනතාව මේ ගොල්ලෝ හිතන තරම් පුන්නක්කු කන ගොන්නු නෙමේ.
මේ ෆොටෝගත් එක්කෙනාමද මගුල්ගෙදරත් ෆොටෝගත්තේ.? එයාමද දන්නේ නෑ... පත්වීම් ලබන්නා හා පත්වීම් කඩදාසිය පිළිගන්වන තැනැත්තියවත් මේකප් කලේ? එහෙම නම් මහා අැමැති බේරලා යවපු එක ගැන කතා කරන්නද?
එහෙම නොකලොත් ඔබ කියාවි ...... මෝඩ ගෑනි මං .... මෝඩ ගෑනි මං .........