(පුෂ්පකුමාර ජයරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේ දී එල්ල වී තිබෙන පාරිසරික ගැටළු පිළිබඳ චෝදනා යම්කිසි විශේෂඥයකුට ඔප්පුකර පෙන්වීමට හැකිනම් මෙම අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරිමට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නලීන් සුරිය ආරච්චි මහතා අද (25) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
මේ වන විට ජනතාවගේ සහ විවිධ පාරිසරික සංවිධාන වලින් එල්ලවී තිබෙන චෝදනා හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සිදුකිරිමට පෙර යළි අධ්‍යයනයක් සිදු කිරිමට අවශ්‍ය වී තිබෙන බවද සුරියආරච්චි මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා නරකද, පාරසරික ගැටළු නැහැ කියලා රජය මගින් ඔප්පු කළා නම්?
පසු ගිය රජය කාලේ මේ අය කොහෙද හිටියේ ? සිංහ නද බලු කෙදිරිය
වේලි මතින් මාර්ග ඉදිකිරීමේ දී ජල අපහනයට බාධා වෙනවා. එමගින් ඉහළ ප්‍රදේශවල වැසි ජලය බැස යාම ප්‍රමාද වීමත් එම නිසා ජල ව්‍යාප්ත රෝග පැතිරයාමත් උත්සන්න වෙනවා. පහළ ප්‍රදේශවල තාවකාලික ගංවතුර තත්ත්වයන් ඇති වෙනවා. වන ගහනය අඩුවීම නිසා වන සතුන් ආහාර සොයා ගම්මානවලට පිවිසෙනවා. මේ එක ගැටළුවක්වත් අපි දන්නා න්‍යායට අනුව ඔප්පු කරන්න බැරි දිගු කාලීන ගැටළු. එනිසා ඔබතුමා දිනුම්. දියුණුවෙන රටක ඊට සමගාමීව යටිතල පහසුකම් ප්‍රවර්ධනය අත්‍යාවශ්‍යයි. ඒ නිසා කළ යුත්තේ ගැටළු ඔප්පු වෙනතුරු නොසිට ඒවා අවම පරිදි ප්‍රතිකර්ම සහිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.